26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගන් කාන්තාවන්ගේ අනාගතය අවිනිශ්චිතයි

ඇෆ්ගන් කාන්තාවන්ගේ අනාගතය අවිනිශ්චිතයි

මිට මාස දෙකකට පෙර ඇෆ්ගනිස්තානයේ සිදු වූ බල පෙරළියත් සමඟ එරට කාන්තාවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටී ඇතැයි ඇෆ්ගනිස්තානයේ හිටපු ඇමැතිනි මසූඩා ජලාල් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තලේබාන් සංවිධානය යළි බලයට පත් වීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන කාන්තාවන් බියට පත් වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

දකුණු ආසියා ආරක්ෂක සංසදයට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඇය මේ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 2004 ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එකම කාන්තාව වූ ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ තලෙබාන් පාලනය නිසා එරට කාන්තාවන් තම නිවෙසේ පවා ජීවත්වීමේ බියෙන් පසුවන බවය.

මසූඩා ජලාල් 2004 ඔක්තෝබර් මාසයේ සිට 2006 දක්වා ඇෆ්ගනිස්තානයේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය ලෙස සේවය කළ අතර, කාන්තාවන්ට එරෙහිව ක්‍රියාකාරකම් වැඩි කරමින් සිටින තලේබාන් සංවිධානය එම අමාත්‍යාංශය වසා දැමිමට පියවර ගෙන තිබේ.