26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයේ බලශක්ති අර්බුදය දරුණු අතට

බ්‍රිතාන්‍යයේ බලශක්ති අර්බුදය දරුණු අතට

බ්‍රිතාන්‍යය තුළ නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදය හේතුවෙන් ඉදිරියේදී තවත් කර්මාන්තශාලා රැසක් වසා දැමීමට සිදු වනු ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

වානේ, කඩදාසි, වීදුරු, සිමෙන්ති, පිඟන් මැටි සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම් පවසන්නේ බලශක්ති මිල ඉහළ යෑම වෙනුවෙන් රජය සහනයක් ලබා දීමට අසමත්වුහොත් කර්මාන්ත ශාලා වසා දැමීමට හෝ වැඩි වන පිරිවැය පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට හෝ සිදු වනු ඇති බවය.

ස්වාභාවික ගෑස් සහ විදුලිය ප්‍රධාන වශයෙන් භාවිත කරන කර්මාන්ත ශාලා සීත සෘතුවේදී අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද වාර්තා වේ.