Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsනොවැම්බර් 08 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

නොවැම්බර් 08 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

නොවැම්බර් මස 8 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
 
සභානායක කාර්යාලය නිවේදනය කළේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව ලබාදීමට මෙම දිනය වෙන් කරන බවයි.
 
2021.07.20 සහ 2021.10.06 හා 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) වාර්තා තුන සම්බන්ධයෙන් වන ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාව ගැන විවාදය 2021.11.09 අඟහරුවාදා දවස පුරා (පෙ.ව.10.00 සිට ප.ව. 5.30 දක්වා) පැවැත්වීමටද, අද (21) පැවති, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව සභානායකවරයා පැවසීය.
 
2021.11.10 බදාදා, ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී අවස්ථාව ලබා දෙනු ඇත. එමෙන්ම එදින, 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන අතර, 1969 අංක 01 දරණ ආනයන හා අපනයන(පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම එදින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන අනුමත කර ගැනීමට නියමිතය.
 
එමෙන්ම 2021.11.11 බ්‍රහස්පතින්දා, කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ(විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ නැන්වීමේ සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 දක්වා ඉහළ නැ‍ංවීම මේවායේ අන්තර්ගත වේ.
 
එමෙන්ම එදින 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ උපද්‍රවකාරි රැකියා ලැයිස්තු ගැසට් පත්‍රයේ නියෝග ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිතය. මීට අමතරව ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ නියෝග එදින පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිතව තිබේ.
 
2021.11.12 වන සිකුරාදා ප.ව. 2.00ට, 2022 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.