25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානය මිසයිල ශක්තිය වැඩි කිරීමට පියවර ගනී

ජපානය මිසයිල ශක්තිය වැඩි කිරීමට පියවර ගනී

ගුවනින් එල්ල විය හැකි තර්ජන මැඬ පැවැත්වීමේ අරමුණින් සිය මිසයිල ශක්තිය වර්ධනය කිරීමට අවධානය යොමු කර ඇතැයි ජපානය නිවේදනය කර තිබේ. චීනය විසින් වැඩි දියුණු කරමින් තිබෙන හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් ජපානය මේ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනය පසුගිය සතියේදී න්‍යෂ්ටික බලයෙන් යුතු අධිවේගී මිසයිලයක් අත්හදා බැලූ අතර, එය අමෙරිකාව ඇතුළු බොහෝ රටවල විමතියට කරුණක් වී තිබිණි. චීනය සිදු කළ එම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වූවද , එවැනි අධිවේගී න්‍යෂ්ටික බලයෙන් යුතු මිසයිලයක් හදිසියේම අත්හදා බැලීමට චීනය කටයුතු කිරීම ගැටලු සහගත කරුණක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේය.චීනය විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බව සඳහන් කරන ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් මට්සුමෝ හිරෝකසු අඛණ්ඩව සිදු කරන චීන අත්හදා බැලීම් සහ හමුදා ක්‍රියාකාරකම් කලාපීය හා ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් බව සඳහන් කර ඇත.