― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ හිටපු අමෙරිකා නියෝජිතයාට චෝදනා

ඇෆ්ගනිස්තානයේ හිටපු අමෙරිකා නියෝජිතයාට චෝදනා

තලේබාන් සංවිධානය සමඟ ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපති සල්මේ කලිල්සාඩ් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඇෆ්ගනිස්තාන තලේබාන් විරෝධී පෙරමුණ අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය. පසුගිය කාලයේ ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු නියෝජිතයා ලෙස කටයුතු කරනු ලැබුවේ ඔහු විසිනි.

යුද්ධයෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකා හමුදා ගැටලු සහගත ආකාරයෙන් ඉවත් වී මාස දෙකකට ආසන්න කාලයකට පසු මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. කටාර් දේශයේ පැවැති අමෙරිකා – තලේබාන් සාකච්ඡාව කලීල්සාඩ්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති අතර, එහි ප්‍රතිඵලය ලෙස අමෙරිකාව දෝහා ගිවිසුමෙන් ඉවත්වීම බව ද තලේබාන් විරෝධී පෙරමුණ පෙන්වා දී තිබේ.

තලේබාන් සංවිධානය සමඟ කලීල්සාඩ් සිදු කළ ගනුදෙනු දැඩි විමර්ශනයකට ලක් කළ යුතු කියමින් පසුගිය වසර කිහිපය ඇතුළත ඔහු තම රට තලේබාන් සංවිධානයට පාවා දීමට කටයුතු කර ඇති බවට ඔවුන් චෝදනා එල්ල කර තිබේ.

තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර දේශපාලන එකඟතාව සැලසුම් කළ පරිදි ඉදිරියට නොගිය බව සඳහන් කරන තලේබාන් විරෝධී පෙරමුණ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.