26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති මන්දිරය වටලන්න ගොවියන් කොළඹට ඒවි

ජනාධිපති මන්දිරය වටලන්න ගොවියන් කොළඹට ඒවි

සමන්ත විද්‍යාරත්න

නුදුරේම ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරය වැටලීම සඳහා සිව් දෙසින් ගොවි ජනතාව කොළඹට එන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ‘දිනමිණ‘ට ඊයේ (25) පැවසීය.

රටේ පදනම ගොවිතැන බවත් එම පදනම කඩා වැටුණු පසු රටේ සියලුම අංශ කඩා වැටෙන බවත් කී විද්‍යාරත්න මහතා වක්කඩෙන් අත සොදා සාටකය කරේ දමාගෙන ගොවි ජනතාවගේ ඡන්දය ලබාගෙන ගොවි ජනතාවට මෙසේ සැලකීම පිළිබඳ විශාල වේදනාවක් ඇති බවත් සඳහන් කළේය.

එම නිසා ගොවියා රැවටු පාලකයන් සොයාගෙන ඉතාම ඉක්මනින් කොළඹට පැමිණ පොහොර ප්‍රශ්නය විසදා ගත යුතු බවත් නැතහොත් රටේ පාලකයා වන අමෙරිකානු පුරවැසියා අමෙරිකාවට යාමට සුදානම් වන ලෙසත් විද්‍යාරත්න මහතා පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි