― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශීය සමාගම් ඉදිරියේ ආණ්ඩුව දණින් වැටිලා

විදේශීය සමාගම් ඉදිරියේ ආණ්ඩුව දණින් වැටිලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුව විදේශීය සමාගම් ඉදිරියේ දණින් වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පැවසීය.

දේශප්‍රේමය, ජාති ආලය යනාදී සියල්ල ඩොලර් කුට්ටි අබියස සුනු විසුනු වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්තොට සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.

අද වන විට ජනතාව මුහුණ දෙන සියලු ප්‍රශ්නවල නිර්මාණකරුවා වන්නේ ආණ්ඩුව බව එහිදී පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවන්හි ප්‍රතිඵල ජනතාවට විඳින්නට සිදුව ඇති බව ද කීය.

පහන් විජේසේකර