සාගර කාරියවසම්
යුගදනවි බලාගාර ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට කුමන පිරිස් ඒකරාශි වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් ඊට සම්පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. පසුගිය අවුරුදු නවයක කාලයක් පුරා මෙරට විදුලි අර්බුදයට විසඳුමක් සෙවීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නොමැත. මේ තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට මෙන්ම මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ට ද විශාල මුදලක් ගෙවා විදුලි බලය ලබා ගැනීමට සිදුව තිබේ.
විශේෂයෙන් යහපාලනය යහපාලන රජය සමයේ විදුලිබල උත්පාදනය සඳහා කිසිදු නව ව්‍යාපෘතියක් ආරම්භ කර නැත. වර්තමානය වන විට අපට විදුලිබල අර්බුදයට මුහුණදීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.
2012 වසරේ දී කෙරවලපිටිය බලාගාරය ඉදිකරන අවස්ථාවේ දී එය එල් එන් ජී බලාගාරයක් බවට පත්කරන බවට එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ප්‍රකාශ කළ අතර යුගදනවි ගිවිසුම මඟින් සිදු කෙරෙන්නේ එම පොරොන්දුව ඉටු කිරීමකි.
යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් කුමන පිරිස් කුමන ආකාරයෙන් ඒකරාශී වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම විටම ජනතාවාදී තීරණවලදී සෘජුව සහ දැඩිව සිටින බව සාගර කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
නෙරංජලා වික්‍රමසිංහ