23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසත් සාමාජික රග්බි නැංවීමට බෙන් ගොලින්ස් යළි එයි

සත් සාමාජික රග්බි නැංවීමට බෙන් ගොලින්ස් යළි එයි

ආසියා තරගාවලියට නව අනුග්‍රාහකයෙක්

එළැඹෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමට රග්බි ආයතනය පියවර රැසක් ගනී.

ලබන වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහ ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරාගන්නා තීරණාත්මක තරගාවලියක් බවට පත්වී ඇති ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ඉහළ නැංවීමට කලක් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික බෙන් ගොලින්ස් සේවය නැවත ලබාගැනීමට රග්බි ආයතනය පියවර ගෙන ඇත. වසර 2012 දී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ගොලින්ස් අන්තර්ජාතික සත් සාමාජික රග්බි පිටියේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයකු වන අතර, එංගලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම වෙනුවෙන් දශකයකට වැඩි කාලයක් ක්‍රීඩා කර ඇත. ලෝක සත් සාමාජික රග්බි තරග බිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ඔහු තැබූ වාර්තාව අදටත් නොබිඳී පවතී.

බෙන් ගොලින්ස් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බව ඊයේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

ඔහුගේ අධීක්ෂණය යටතේ ආසියා සත් සාමාජික තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ජාතික පිලේ හිටපු පුහුණුකරුවකු වන නිල්ෆර් ඉබ්‍රාහිම් මහතා පත් කළ බවද රග්බි සභාපතිවරයා කියා සිටියේය.

බෙන් ගොලින්ස්ගෙන් පසු 2013 වසරේදී ජාතික සත් සාමාජික රග්බි පිලේ පුහුණුකරු ලෙස පත් වූ නිල්ෆර් ශ්‍රී ලංකා පිල ආසියාවේ 3 වැනි ස්ථානය කරා රැගෙන යෑමට සමත් වූ අතර, මෙරට පාසල් රග්බි පිටියේ වඩාත්ම සාර්ථක පුහුණුකරුවකු ලෙසත් නම් දරා සිටී. ආසියා රග්බි පිටියට එක් වන ශ්‍රී ලංකා පිලට නව අනුග්‍රාහක ලෙස මූස් ක්ලෝතිං සමාගම සමඟ ගිවිසුම් හුවමාරු කරගැනීම ද මාධ්‍ය හමුවේදී සිදු කෙරිණි.

රග්බි ආයතනයේ ආරාධනාවකට අනුව දින දෙකක කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ආසියා රග්බි සංගමයේ සභාපති කයිස් අබ්දුල්ලා අල් ඩලානි මහතා ද මාධ්‍ය හමුවට එක් විය.

ඡායාරූප – නිරෝෂ් බටේපොල

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත් වූ මූස් ක්ලෝතින් සමාගම වෙනුවෙන් එම සමාගමේ විධායක අධ්‍යක්ෂ හසීබ් ඔමාර් මහතා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා වෙත සිය අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු.

ෆවුස් මොහොමඩ්