28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ දැඩි ආහාර අර්බුදයක්

ඇෆ්ගනිස්තානයේ දැඩි ආහාර අර්බුදයක්

 

කඩිනම් පියවර නොගතහොත් මේ සීත සෘතුවේදී ඇෆ්ගනිස්තානයේ මිලියන ගණනාවක ජනතාව සාගින්නෙන් පීඩා විඳිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබේ.

එරට ජනගහණයෙන් අඩකට වඩා (මිලියන 22.8 ක් පමණ) උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද, වයස අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු විදේශ ආධාර යටතේ දැඩි ලෙස යැපෙන ඇෆ්ගනිස්තානයේ දැනටමත් ආර්ථිකය කඩා වැටී ඇති අතර, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගෙවීම් නතර කිරීමෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ද වාර්තා වේ.