28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ දරුවන්ට ෆයිසර් එන්නත අනුමතයි

අමෙරිකාවේ දරුවන්ට ෆයිසර් එන්නත අනුමතයි

අවුරුදු පහේ සිට එකොළහ දක්වා දරුවන්ට ෆයිසර් එන්නත දීමේ යෝජනාව අමෙරිකාවේ ආණ්ඩුවේ විද්වත් මණ්ඩලය. වැඩි ඡන්දයෙන් අනුමත කර ගත්තේය. එරට ආහාර හා ඖෂධ අධිකාරියේ විශේෂඥයන් සතියක කාලයක් ඇතුළත හදිසි අවශ්‍යතා සඳහා යොදා ගැනීමට පසුගියදා මේ අවසරය දුන්නේය. ෆයිසර් සමාගම නිවේදනය කර ඇති පරිදි සිය එන්නත අදාළ වයස් කාණ්ඩයේ දරුවන් සඳහා සුදුසු බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. අමෙරිකාව දැනට අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන අතර, නව තීරණය නිසා මිලියන 28ක් වූ තවත් දරුවන් පිරිසකට එම එන්නත ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

ආහාර සහ ඖෂධ අධිකාරියේ සහ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ලබන මස මුල් භාගය වන විට මේ පිළිබඳ දිගු කාලීන තීරණයක් ගැනීමට නියමිත අතර, අනතුරුව අදාල වයස් කාණ්ඩයේ පසුවන දරුවන් එන්තත්කරණය කිරීමේ වැඩසටහන අරඹනු ඇතැයි වාර්තා වේ.