29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රසීල ජනපතිට චෝදනා රැසක්

බ්‍රසීල ජනපතිට චෝදනා රැසක්

කොවිඩ් වසංගතයට මුහුණ දුන් ආකාරය ගැන අප්‍රසාදය පළ කරමින් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝට එරෙහිව අපරාධ චෝදනා නිර්දේශ කිරීමට එරට සෙනෙට් කමිටුවක් ඡන්දය දී ඇතැයි වාර්තා වේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ඇතුළු චෝදනා නවයක් බොල්සොනාරෝට එරෙහිව ගොනු කිරීමට සාමාජිකයන් 11කින් සමන්විත එම සෙනෙට් කමිටුවේ 7 දෙනකුගේ අනුමැතිය හිමිවී තිබේ. කමිටුවේ නායක සෙනෙට් සභික ඕමාර් අසීස් මේ තීරණ බ්‍රසීලයේ අභිචෝදනා ගොනු කිරීම් සිදුකරන ජෙනරාල්වරයා වෙත භාර දීමට නියමිතව සිටියේය.

බ්‍රසීලයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට අසමත් වීමෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එය දෙවැනි වන්නේ අමෙරිකාවේ කොවිඩ් මරණ අනුපාතයට පමණි. එහෙත් මේ කිසිවකට තමා වරදකරු නොවන බව කියමින් ජනාධිපති බොල්සොනාරෝ ප්‍රකාශයක් නිකුත් කර ඇත.