Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
HomeNewsසොනාල්-ගිෂාන් විශිෂ්ට පන්දු යැවීමක

සොනාල්-ගිෂාන් විශිෂ්ට පන්දු යැවීමක

සොනාල් අමරසේකර සහ ගිෂාන් බාලසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එස්එස්සී පිටියේ පැවැත්වෙන නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඊයේ තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 87ක් රැස් කරමින් අසීරු තත්ත්වයක පසු විය.

සාන්ත තෝමස් සහ කොළඹ රාජකීය විදුහල අතර, මේ තරග පැවැත්වෙන්නේ 142 වැනි වරටය. කොරෝනා වසංගතය හේතුවෙන් කිහිපවරක් කල් දැමීමට සිදු වූ මේ තරගය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙන සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 30ක් රැස් කර සිටියේය. ලකුණු 35කට කඩුලු 8ක් අහිමිව තිබූ ඉනිම ලකුණු 73 දක්වා ඉදිරියට ගෙන යෑමට යසිරු සමත් වූයේ මහිත් පෙරේරා සමඟ ලකුණු 38 සබඳතාවකිනි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සොනාල් අමරසේකර ඕවර 9කදී ලකුණු 6කට කඩුලු 3ක් බිඳ දැම්මේ නිලකුණු ඕවර 6ක් ද සටහන් කරමිණි. ඔහුට අනගි සහායක් දුන් ගිෂාන් බාලසූරිය කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 39කටය.

පෙරේදා ආරම්භ වූ මේ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවක් නොයවාම අත්හැර දැමීමට සිදු විය.

අද තරගයේ අවසන් දිනයයි.

සා. තෝමස් පළමු ඉනිම – 87/9 (ඕවර 47) යසිරු රොද්‍රිගෝ නොදැවී 30, මහිත් පෙරේරා 22 (ගිෂාන් බාලසූරිය 39/4, සොනාල් අමරසේකර 6/3)