27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික-වතු-විශ්‍රාමික වැටුපටත් දස දහසක් අයවැයෙන් ලැබිය යුතුයි

පෞද්ගලික-වතු-විශ්‍රාමික වැටුපටත් දස දහසක් අයවැයෙන් ලැබිය යුතුයි

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත

ගුරු විදුහල්පති වැටුප් වැඩි වීමට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ, වතු කම්කරුවන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුපට රුපියල් දස දහසක් මෙවර අය වැයෙන් ලැබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ දෙහිවල පෙරේදා (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“වැටුප් වැඩි වීම ලැබෙන තෙක් අඛණ්ඩව විරෝධතා සහ වැඩ වර්ජන ආරම්භ කරනවා. එසේත් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා. දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැටුප් විසමතා අරගලයට පරිබාහිරව ආරම්භ කෙරෙන මේ වෘත්තීය අරගලයට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් රැසක් එකතු වෙමින් සිටිනවා.”

නුවන් හෙට්ටිආරච්චි