පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට දෙවැනි වරටත් අද (10) විපක්ෂ නායකතුමා පැමිණියේය.
ප්‍රියන්ත මහතාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් සිදු කළ විපක්ෂ නායකතුමා, එක් දරුවකු ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ද පරිත්‍යාග කරනු ලැබීය.අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව සිදුවන විමර්ශන කටයුතු පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තර අවධානයෙන් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා අතිශය සාධාරණ පරීක්ෂණයක් තුළින් වැරදිකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමට පාකිස්ථාන රජය කටයුතු කරනු ඇතැයිද පැවසීය.ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද එහිදී විපක්ෂනායකතුමා සහතික විය.







