28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගෙවීමට ඇති විදෙස් ණය සෑම ඩොලරයක්ම ගෙවනවා

ගෙවීමට ඇති විදෙස් ණය සෑම ඩොලරයක්ම ගෙවනවා

ණය වශයෙන් ලබන වසරේ ගෙවන්නට ඇති සෑම ඩොලරයක්ම ගෙවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කාරක සභා වැය ශීර්ෂයට අදාළ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක් සහ ජූලි මාසයේදී ඩොලර් මිලියන 1,000ක් ගෙවීමට ඇති අතර, ඊට අමතරව ණය සේවා, ගෙවීම් ප්‍රාග්ධන, ණය සේවා කළමනාකරණ ආදි වෙනත් ගෙවීම්ද ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.