29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමල්ගෝවා 2000යි.. බ්‍රකොලි 3000යි.. සලාද 800යි.. සංචාරක හෝටල් අමාරුවේ.

මල්ගෝවා 2000යි.. බ්‍රකොලි 3000යි.. සලාද 800යි.. සංචාරක හෝටල් අමාරුවේ.

සංචාරක හෝටල් වලට පැමිණෙන විදේශිය සංචාරකයන් සදහා ලබාගන්නා මල්ගෝවා , බ්‍රකොලි , සහ සලාද මිල ඉතිහාසයේ වැඩි මිලට මේ දිනවල අලෙවි වන බව එම සංචාරක හෝටල් හිමියන් පැවසිය.

නුවරඑලිය හරිතාගාර වල වගා කෙරෙන මල්ගෝවා , බ්‍රකොලි සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් වගා කරන අතර, රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවින්ට ලබා දිමට නොහැකි විම හමුවේ මල්ගෝවා සහ බ්‍රකොලි වල මිල ඉහල ගොස් ඇති බවද සංචාරක හෝටල් හිමියන් පැවසිය.

සුපිරි වෙලදසැල් වල පමණක් අලෙවි කරන මල්ගෝවා කිලෝවක් රු 1500-2000 , බ්‍රකොලි කිලෝවක් රු 2500-3000 මිලකටත් සලාද කිලෝවක් රු 800 වැනි මිලකට අලෙවි වන බවයි සංචාරක හෝටල් හිමියන් කියා සිටින්නේ.

මෙයට සමගාමිව විදේශිය සංචාරකයන් ප්‍රිය කරන චින ආහාර පිලියෙල කිරිම සදහා අවශ්‍ය උඩරට එලවළු රැසක මිලද ඉහල යාම හමුවේ තම කර්මාන්තය පවත්වාගෙන යාමේ ගැටළුවක් මතු වි ඇති බවද එම සංචාරක හෝටල් හිමියන් පැවසිය.

දෙසැම්බර් මාසයේ දිවයිනට විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බවත්, එසේ පැමිණෙන සංචාරකයන් විශාල පිරිසක් තම හෝටල් වල කාමර වෙන් කරවාගෙන ඇති බව නුවරඑලිය සහ කාසල්රි අවට සංචාරක හෝටල් හිමියන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ