― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsඅලි ගහනවා වෙනුවට දැන් බල්ලොත් ගහනවා

අලි ගහනවා වෙනුවට දැන් බල්ලොත් ගහනවා

වත්මන් ආණ්ඩුව දියර පොහොර ලෙස බෙදා හරිමින් ඇති සත්ත්ව කොටස්වලින් හැදූ දියරය් පුපුරා යන බවට චෝදනා එල්ල වෙන්නේ මීට සතියකට පමන සිටය.ඒවා ගඳ ගසන සහ ස්පර්ශ වූ විට දද කුෂ්ඨ ඇතිවන බවටත් චෝදනා එල්ල වෙමින් ඇත.

කෙසේ නමුත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ මේ ඉහළම ප්‍රමිතියෙන් යුතු නයිට්‍රිජන් පොහොර බවය. සත්ත්ව අපද්‍රව්‍ය වලින් හැදූ නිසා ගඳ ගැසීම සාමාන්‍යය බවය. ඔහුගේ ප්‍රකාශයට සහාය දෙමින් අයෙක් කියන්නේ මෙවැනි පිපිරීම් ඇතිවීම හොඳ පොහොරක ලක්ෂණයක් බවය. කෑන් ලක්ෂ අටක් බෙදූ පසු කෑන් පහක් පුපුරා යෑම ගැන කලබල නොවන්නැයි කෘෂිකර්ම ඇමති කියනවිට සමහර ගොවි සංවිධාන මාධ්‍යයට කියන්නේ ගෙනත් දුන් පොහොර කෑන්වලින් අඩකටත් වඩා පුපුර ඇති බවය. ඉවසිය නොහැකි දුර්ගන්ධයක් ඇතිවන බවය. මේ තත්වය තුළ රටේ සිටින විශිෂ්ටම දැනුමැතෙකුගෙන් මේ පිළිබද විමසා සිටියෙමු… ඒ මහාචාර්ය සමන් ධර්මකීර්තිය . ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා අංශයේ අංශ ප්‍රධානීයා ය.
දියර පොහොර බෝතල් පුපුරා යනවද ?

බෝතලයක් තුළ මීතේන් වායු නිෂ්පාදනය වන අවස්ථාවක ඉඩකඩ සීමිත වෙලා පුපුරා යෑමේ හැකියාවක් තියෙනවා.ඒක සරල විද්‍යා දැනුම තියෙන ඕනේම කෙනෙක්ට තේරෙනවා.
මේක වළක්වා ගැනීමට මිනිස්සු මොනවද කරන්න ඕන?
මේවා ලබා ගත්ත මිනිස්සු මොනවා කියලා කරන්න ද?.

බාගෙට නිශ්පාදනය කරලා අතරමඟදී බෝතල් කරල ගොවි ජනතාව දුන්නහම තමයි මේ ප්‍රශ්නය මතු වන්නේ.නිසි ක්‍රමවේද යටතේ සම්පූර්ණ ක්‍රියාවලිය ට අනුව හැදුවනම් සති දෙකක් තුනක් යද්දි ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නතර වෙනවා. ඉන්පසුව බෝතල් කරලා සීල් කරලා ගොවි ජනතාවට බෙදා දීමේ හැකියාව තිබෙනවා. එවිට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

දියර පොහොර සකස් කරන්නේ ස්වායූ තත්ත්වයන් යටතේයි. එලෙස සකස් වන විට ඇතිවන වියෝජනය දියර පොහොර ප්‍රමිතියක් සහිතව සකස් කිරීමේ හැකියාව පවතිනවා. අනතුරුව බෝතල් කර සීල් කල හැකි යි.

සත්ව කොටස් උපයෝගී කොට ගෙන හදන දියර පොහොරවල ගඳක් තියෙන්න පුලුවන්ද?

නිසි ප්‍රමිතියට නිසි ක්‍රියාවලියක් යටතේ හැදුවොත් ගඳක් එන්නෙ නෑ. ගඳ එන්නිනේ නිසි ප්‍රමිතියට සකස් නොකිරීම හේතුවෙන් පමණයි. නිසි ප්‍රමිතියට සකස් කළොත් ගඳක් එන්නෙම නැහැ. ඔය කියන මාළු අපද්‍රව්‍ය වලින් හදන දියර පොහොරවල ගඳ එන්නෙ සති දෙකකට එහා කාලයක් තබන්නේ නැතිව බාල ප්‍රමිතියකින් සකස් කරන නිසයි.

ඇතැම්විට අවස්ථාවල මෙබඳු ගන්ධයන් පළිබෝධ විකර්ශකයක් ලෙස භාවිත කළ හැකි අවස්ථා තිබෙනවා. නමුත් සමහර සතුන් ඒ ගඳට ආකර්ෂණය වෙනවා . එහෙම උනොත් ගොවියට සිද්ධ වෙන්නේ තමන්ගේ වගාවට තවත් හානියක් වැඩි වීමයි.

මෙම පොහොර ශාකයකට යෙදීමෙන් ශාක වර්ධනයට බලපෑමක් සිදු වෙනවාද ?

අනිවාර්යෙන්ම ශාඛයට බලපෑමක් සිද්ධ වෙනවා .
මේ මහ කන්නයේ ගොවීන්ට පොහොර නොමැති නිසා ඇතැම් ව්‍යවසායකයින් තම තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා නියමිත කාලයට පෙර දියර පොහොර සකස් කොට ගොවීන්ට බෙදා දෙනවා. ගැටලු මතු වන්නේ එවිට යි. හොඳම උදාහරණය මාස තුනක කාලයක් කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් සකස් කළ යුතු වුවත් මේ වන විට ගොවීන් සති දෙකෙන් හෝ තුනේ කොම්පෝස්ට් පොහොර හදලා විකුනනවා. ඒවයෙත් නිසි ප්‍රමිතියක් හෝ ශාකයට උරා ගත යුතු නිසි පෝෂණ තත්ත්වයක් පවතින්නේ නැහැ. සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය ශාකයට අවශ්‍ය නිසි පෝෂක කොටස් නොලැබි යාමයි

පොහොර බාල වීමෙන් අස්වනු අඩු වීමක් , අවසානයේ ආහාර අර්බුදයක ඇති වේවී කියලා අපිට කියන්න පුළුවන් නේද?

ඔව්. ශාක පෝෂක ඌනතාවයක් දකිනවා කියන්නෙ ශාක වර්ධනය බාල වෙනවා කියන එක. එය නැවත කස් කර ගන්නට කිසිදු ප්‍රතිකර්මයක් නැහැ. ගසක පෝෂණ ඌනතාව ඇතිවූ විට එය යළි වැඩි කරගන්නට ක්‍රමවේදයක් නැහැ බාල ලෙස වර්ධනය වූ ශාකයක් එතැන සිට වර්ධනය වන්නේ ඌණ පෝෂණ මට්ටමක් සහිතවයි.

උදාහරණයක් විදිහට ප්‍රෝටීන් ආහාර නොගෙන මොලේ වර්ධනය නොවූ පුද්ගලයෙකුට නැවත කොයි තරම් ඒ සඳහා ප්‍රෝටීන් ආහාර ගත්තත් වෙනත් ඖෂධ ලබා ගත්තත් නැවත මොළේ වර්ධනය නොවෙන්නා වාගේ.