23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalරටේ බදු දෙන කොටස් මෙන්න

රටේ බදු දෙන කොටස් මෙන්න

කොළඹ ඇතුළු ප්‍රමුඛ ප්‍රදේශවල ඉඩම් 50කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට බදු දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.එවැනි ව්‍යාපෘති පහක් සඳහා අවබෝධතා ගිවිසුම් (MOU) සකස් කර ඇති අතර ඒවා සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් ලෙස ගණන් බලා ඇත.

මෙම ආයෝජන ව්‍යාපෘති අතරට කොළඹ බේරේ වැව අසල ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 06ක්, කොම්පඤ්ඤවීදියේ පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුන්මුල්ල, තලවතුගොඩ යන ප්‍රදේශවල ඉඩම් ඇතුළත් වේ. ගාල්ල, මාතර, මහනුවර, බෝගම්බර, නුවරඑළිය, කුරුණෑගල, යාපනය, වවුනියාව, සහ අනුරාධපුර ප්‍රදේශවල ඉඩම් ද ඊට ඇතුළත් ය. චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල විදේශීය ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයින් ද ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දැනටමත් කැමැත්තක් දක්වා ඇත.