27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි

පාර්ලිමේන්තු මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි

එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් පාසල් 13වැනි බදාදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම නිවාඩුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් අනුව ලබා දී ඇති අතර, එම කොමිෂන් සභාව, සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම පාර්ශවයන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 12 වැනි දින පාසල් අවසන් වන විට ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට නියමිත අතර පාසල් නැවත ආරම්භ වන්නේ නොවැම්බර් 18 සඳුදායි.