28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිපක්ෂය එන්නත්කරණය අගය නොකිරීම කුහකකමක්

විපක්ෂය එන්නත්කරණය අගය නොකිරීම කුහකකමක්

එක එන්නතක් හෝ ගැනීමට නොහැකිව ලෝක ජනගහනයෙන් සියයට 45ක් කනගාටුවෙන් පසු වන මොහොතක එන්නත් දෙකම දී අපේ රටේ ජනගහනයෙන් සියයට 76ක් පූර්ණ එන්නත්කරණයකට ලක් කළ රජයේ කාර්යභාරය විපක්ෂය අගය නොකිරීම ඉතා කුහකකමක් බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ජීවනෝපාය සංවර්ධන, ස්වයංරැකියා සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඉකුත්දා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් Lanka QR සංකේත ඩිජිටල් ගනුදෙනු ක්‍රමය හඳුන්වාදීමේ උත්සවය පානදුරේ පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“අද වන විට කොවිඩ්වලින් ආරක්ෂාවීමට එක එන්නතක් හෝ ගත් සමස්ත ලෝක ජනගහනය ප්‍රතිශතයක් ලෙස 55%යි. අපේ රටේ එන්නත් දෙකම ගත් ජනගහනය ප්‍රතිශතයක් ලෙස 76% ඉක්මවනවා. මේ වන විට තුන් වැනි මාත්‍රාව බූස්ටර් එන්නතත් දීමට රජය කටයුතු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. අපේ රටේ විපක්ෂය රජය ගෙන යන මේ හොඳ ක්‍රියාමාර්ග එකකවත් යහපතක් දකින්නේ නෑ. එයයි අපට තිබෙන කනගාටුව.

ඔවුන් නිතරම රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි අමූලික බොරු කියනවා. මහජනතාව නොමඟ යැවීමට ව්‍යාපාරික ප්‍රජාව අතර බිය සහ සැකය ඇති කිරීමට කටයුතු කරනවා. අන්තර්ජාතික මූල්‍ය ආයතනවලට වැරැදි තොරතුරු දෙනවා. මේවා සියල්ල කරන්නේ රටට එරෙහිව බව අපගේ හැඟීමයි. අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ රටට එරෙහි නොවන ලෙසයි.”

ජයසිරි මුණසිංහ