― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsPoliticalදකුණු ආසියාවේ අඩුම තෙල් මිල ලංකාවේ

දකුණු ආසියාවේ අඩුම තෙල් මිල ලංකාවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගත්තොත් රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමට සිදුවන බවත් තෙල් මිල ඉහළ දැමීම හරහා ජනතාව අසීරුතාවයට පත් කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බළංගොඩදී අද (22 දා) පැවති විශේෂ මාධ්‍ය හමුවක දීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම අපි ප්‍රතික්ෂේප කෙරේ රාජ්‍ය සේවකයින් ගැන හිතලා. IMF ණය ලබා ගැනීමේදී කොන්දේසි තිබෙනවා. රාජ්‍ය සේවකයින් මෙහි එක කොන්දේසියක්. ඒ වැඩේ අපිට කොහොමටවත් කරන්න බෑ. මේ නිසා තමයි අපි කල්පනා කළේ ණය ලබා ගන්නැතුව ඉන්න.

ලෝක වියසනයක් තියෙන අවස්ථාවක රටේ ආර්ථිකය අසීරුවෙන් ඉන්න අවස්ථාවක තවත් ණය ගන්න එක  අමාරුවක් බවට පත්වෙනවා. තියෙන ණය ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න එක තමයි හොඳම දේ. රජයක් විදිහට අපි එතෙන්ට තමයි යන්නේ.

ලෝකේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා මේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක. ඉතාලිය වගේ රටක් ගත්තොත් එහෙම මහමග කොරෝනා වසංගත හැදිල මිනිස්සු මැරෙනවා. එංගලන්තය වගේ දියුණු රටවල් වල කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙලා දෛනික ආසාදිතයින් හැත්ත දහ ඉක්මවලා යනවා.

 ඛනිජ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට කණගාටු වෙනවා කොහොම වුණත් දකුණු ආසියාවේ තෙල් අඩුවෙන් ම පවතින්නේ අපේ රටේ”

බලංගොඩ රෝහණ වසන්ත