ශ්‍රී ලංකාව හා ටියුනීසියාව අතර ද්වීපාර්ශ්වීය වෙළෙඳ සබඳතා තීව්ර කර ගැනීමේ අරමුණින් අද23 වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ටියුනීසියානු තානාපතිනි හයෙට් ජල්බි බිලෙල් මහත්මිය අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී දෙරට අතර මේ වන විට පවතින වෙළෙඳ සබඳතා මෙන්ම දෙරටට ආවේණික නිෂ්පාදන ආනයන-අපනයන ක්‍රියාවලියට භාජනය කළ යුතු අන්දම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මාධ්‍ය ඒකකය,වෙළෙඳ අමාත්‍යාංශය.