31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකුකුඵ පැටවුන් 3000ක් මරුට

කුකුඵ පැටවුන් 3000ක් මරුට

පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුඵ ගොවිපොළක අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇත.

අද (24) අලුයම 3.20ට පමණ ගෑස් සිලින්ඩරය පුපුරා යෑමෙන් මෙම ගින්න ඇතිව තිබේ.

මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් අක්කර 17 ක පමණ භෑමි භාගයක පිහිටි මෙම කුකුඵ ගොවිපොළ තුල කුකුඵ පැටවුන් තිස්පන්දහසක් සිටිය හැකි ශාලා හතක් ඇති බවත් ඉන් එක් ශාලාවක් මෙසේ ගිනිගෙන ඇති බවත් පොලීසිය පවසයි.

කුකුළු පැටවුන්ට අවශ්‍ය උණුසුම ඇති කිරීමට කිලෝ ග්‍රෑම් 37.5ක් වු ගෑස් සිලින්ඩර තුනක් සවිකර ඇති අතර ඉන් එක් සිලින්ඩරයක ඇති වූ කාන්දුව ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.