27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොහොර කෑන් විසිකරන ගොවීන්ට දඬුවම් කල යුතුයි.. සුවද ඕන නම් සෙන්ට් ගන්න..

පොහොර කෑන් විසිකරන ගොවීන්ට දඬුවම් කල යුතුයි.. සුවද ඕන නම් සෙන්ට් ගන්න..

කාබනික දියර පොහොර කෑන් විසිකරන ගොවියන්ට දඬුවම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මේවා සියල්ල ගොවීන්ට ලබා දෙන්නේ නොමිලේ බවත් ඒවා විසි කිරීම ජාතික අපරාධයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ගොවීන් විසි කරන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් නැතහොත් ජාතික ධනය බවද කී ඔහු කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ සත්ව අපද්‍රව්‍ය වලින් බවත් ඒවා සාමාන්‍යයෙන් ගඳ බවත් සඳහන් කළේය.

සුවඳ අවශ්‍ය නම් සුවඳ විලවුන් ලබාගත යුතු බවද කී ඔහු මෙම පොහොර විසි කරන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.