26.6 C
Colombo
Sunday, December 3, 2023

පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මා විරුද්ධයි

විවිධ සටන් පාඨ දමාගෙන ඉදිරියට ඒම රජය වහා මර්දනය කළ යුතුයි

කොව්ඞ් වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක් බව තේරුම් ගතයුතු බවත්, මෙවැනි අවස්ථාවක පඩි වැඩිකිරීම් ඇතුළු විවිධ ඉල්ලීම් සහිත සටන් පාඨ දාගෙන ඉදිරියට ඒමට ඉඩ නොදීමට රජය වහා පියවර ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවැසීය.

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24 දා* පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවැසූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මුළු ලෝකයටම අද බලපා තිබෙන බඩු මිල ප‍්‍රශ්නය, ජීවන වියදම් ප‍්‍රශ්නය, උද්දමනය පිළිබඳ ප‍්‍රශ්නය පැමිණියේ කොවිඞ් වසංගතයත් සමගයි. එය ලබන වසරටත් ඉතාම නරක ආකාරයට බලපාන බව තේරුම් ගෙන මේ අර්බුදයට සාමූහිකව මුහුණ දෙමින් නැවත මේ රට තුළ මේ වසංගත පතුරුවන තත්ත්වයට, රටේ ජනතාව මෙහෙයවන්නේ නැතුව මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට මැදිහත් විය යුතුයි.

ඒ කිසිවක් නොතකා ඉදිරියට එනවානම් වහාම ඒවා නතර කිරීමට රජය කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේ පඩි වැඩිවීම් ඇතුළු විවිධ ඉල්ලීම් ඇතුළු සටන් පාඨ දාගෙන ඉදිරියට ඒමට ඉඩ නොදිය යුතුයි. මේ වෙලාව පඩි වැඩි කරන වෙලාවක් නොවෙයි. ලෝකයේ පඩි අඩු කරන වෙලාවක්. පාරට බහින්න දෙන්න ඉඩදෙන්න එපා. මේ අවස්ථාවේ එවැනි දේවල් කරන්න එනවා නම් ඒවා නීති විරෝධීයි. ඒවා වහාම නතර කළ යුතුයි. මර්දනය කළයුතුයි. එවැනි දේවලට ඉඩදී තිබෙන අර්බුදයෙන් රට ගලවා ගැනීම දුෂ්කරයි.

අපිට මේ වෙලාවේ විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. ඒ නිසා අදානි සමාගම වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට භාර ගනිද්දී එයට විරුද්ධ නොවී ඊට සතුටු විය යුතුයි. ශක්තිමත් ආයෝජකයෙක්. ඒ වගේම තමයි නිව්පෝට්ට‍්‍රස් එනර්ජි සමාගම අපේ රටට පැමිණීමත් ශක්තිමත් එකක්. දැන් විදුලි බලමණ්ඩලය ලොකු සටනකට ලෑස්ති වෙනවා. ඇයි මේ සමාගම අපට ගෑස් දෙන්නේ අඩුවට. ඒ වගේ විදුලියත් නොකඩවා අඩුවට දෙන්න එකඟවෙලා තියෙනවා. ඒ විදියටයි ඒ සමාගම යෝජනා අපට ඉදිරිපත් කර තිබෙන්නේ.

දැන් කියනවා මේ කෝපරේෂන් එකට රාජපක්ෂවරුන්ට සම්බන්ධයක් තිබෙන බවට. මෙහි පරිපාලන විධායක ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු ලොව පිළිගත් විශේෂඥයෙක්. ඔහු ලෝකයට අලූත් දේවල් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර පේටන් බලපත් ලබාගත් කෙනෙක්. එහෙම කෙනෙක් නිව්පෝට්ට‍්‍රස් සමාගමේ සෙකනින් කමන්ඩර් හැටියට ඉදීම ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපට මොන තරම් ආඩම්බරයක්ද. ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධකම් තියෙන කෙනෙක් නොවෙයි. මේ රටේ සිටි දීප්තිමත් කථිකාචාර්යවරයෙක්. ඔහුත් සමග ඒ සමාගම ලංකාවේ ආයෝජනයකට පැමිණීම ඉතා වාසිදායක දෙයක්.

ලෝකයේ හැම රටකම තෙල්, ගෑස් අතුළු භාණ්ඩ මිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. තෙල් මිල පහළ ගියා කිව්වට මෑත යුගයේ තිබෙන ඉහළම මිල තියෙන්නේ. ලෝකය තවමත් නිෂ්පාදන අර්බුදයක ඉන්නේ. කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩිවෙලා. නැව් ගාස්තු සියයට 400කින් වැඩිවෙලා. මේ ප‍්‍රශ්නයට මුහුණදිය යුතුයි. පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මම විරුද්ධයි. සංවර්ධනය වූ කිසිම රටක් සහනාධාර දී නැහැ.

අනුර බාලසූරිය

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here