― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසුනාමි ව්‍යසනයට වසර 17යි

සුනාමි ව්‍යසනයට වසර 17යි

ප්‍රධාන සැමරුම පැරෑලියේදී හෙට

මිනිස් ජීවිත දහස් සංඛ්‍යාවක් බිලි ගත් සුනාමි ව්‍යසනය සිදුව හෙට (26) දිනට වසර 17ක් සපිරේ.

එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ හෙට (26) සැමරේ.

එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් හෙට (26) දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන උත්සවය ගාල්ල ‘පැරෑලිය සුනාමි ස්මාරකය‘ අභියස දී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් එදින පෙ.ව. 8.30ට පැවැත්වේ. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම සඳහා හෙට (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2004 වර්ෂයේ සුමාත්‍රා ආසන්නයේ වූ භූමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළට ළඟා වූයේ භූමි කම්පාව වී පැය 1යි විනාඩි 32කට පසුවය. එමඟින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ආපදාවට ගොදුරු වූ අතර, සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000ක් පමණ විය. තවත් 5,000ක් පමණ අතුරුදන් වූහ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 235,145ක පුද්ගලයන් 502,456 දෙනකු සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත්ය. ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ‘ජාතික සුරක්ෂිත දිනය‘ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

උපාලි කරුණාරත්න