26.1 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් කොස්තාපල්වරියකට අතවර කළැයි ඕ. අයි.සී අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියකට අතවර කළැයි ඕ. අයි.සී අත්අඩංගුවට

රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මාතර ළමා හා කාන්තා කාර්යංශය මගින් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (24) උදෑසන ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ලැබී තිේ.ඒ අනුව අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා මේ වන විට මාතර පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.