28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි අගරදගුරු ටුටු පියතුමා ස්වර්ගස්ථ වෙයි

වර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි අගරදගුරු ටුටු පියතුමා ස්වර්ගස්ථ වෙයි

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි පුරෝගාමී ක්‍රියාකාරිකයෙකු හා ගෝලීය මානව හිමිකම් සුරැකීමට නායකත්වය දුන් නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන් ටුටු පියතුමා, අද (26) ස්වර්ගස්ථ විය. එතුමා, ස්වර්ගස්ථ වනවිට 90 වැනි වියෙහි පසුවුණි.  අගරදගුරුතුමන්ගේ ස්වර්ගස්ථවීම පිළිබඳ සටහනක් තබමින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසන්නේ,  එතුමන් වර්ණ භේදවාදයට එරෙහිව සිය කලාපයෙන් හා ගෝලීය වශයෙන් ක්‍රියා කළ විශිෂ්ඨ ආධ්‍යාත්මික නායකයෙකු බවයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ස්වර්ගස්ථවූ අගරදගුරු ඩෙස්මන් ටුටූ, දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට එරෙහි ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලිනයෙකු ද වන බවයි. ගෝලීය වර්ණ හා වර්ග භේදවාදයට මුල් වූ අරගලයන් හමුවේ, එතුමාගේ මැදිහත්වීම සහ කැපවීම් අගයමින්, නොබෙල් සාමත්‍යාගය 1984 දී පිරිනැමුණි.  1960 දී පූජක දිවියට ඇතුළතු වූ එතුමන්, 1984 දී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පළමු කළු ජාතික අගරදගුරු ලෙස පත් විය. 1990 දශකයේ අගභාගයේ සිට එතුමන් පිළිකා රෝගයකින් පීඩා විඳි අතර හිටපු සහ වර්තමාන ලෝක නායකයින් එතුමන්ට උපහාර දක්මවින් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.