― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalජනතාවගේ දෙපතුල ළඟට එනවා කිවුවම එදා මට ලක්ෂ ගානක් හිනා වුනා..

ජනතාවගේ දෙපතුල ළඟට එනවා කිවුවම එදා මට ලක්ෂ ගානක් හිනා වුනා..

ඉදිරියේදී පරිප්පු පෝලිමක්, සීනි පෝලිමක් එනු ඇති බවත් පෝලිම් යුගය පැටව් ගසමින් ඇති බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සූරියවැව නගරයේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

අපි නගරයෙන් නගරයට, ගමින් ගමට, දොරින් දොරට ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ අදහස් වලට සවන් දීලා යෝජනා වලට ඇහුම්කන් දීලා, චෝදනාවක් කරත් ඒවත් නිහතමානීව භාරගෙන පොදු ජනයාට මුල්තැන දීලා, පොදු ජනයා පෙරටුකරගත් පොදුජන වාදී ජනහිතකාමී දේශපාලන ගමනක් ක්‍රියාත්මක කෙරෙන අවස්ථාව. ජනතාව මුහුණ දෙන අභියෝග අඳුරගෙන, ඇහුම්කන් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ජනතාවගේ දුක කඳුළ වේදනාවට, සවන්දීලා තමයි රටේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය වෙන්නට ඕනි. ජනතාවගේ හද ගැස්ම හදුනාගෙන තමයි මෙරට සංවර්ධන වැඩකටයුතු වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලොකුවට කතිර ගහලා,විශාල ප්‍රතිශතයක්. මේ රටේ ජනතාව කතිරෙ ගහපු ඒවා වරම පත්වුණු ඇත්තොම පාගලා දානවා. ජනවරම අද විනාස කරනවා. එවන් යුගයක අපි ඉන්නේ. මොහොතකට හිතල බලන්න අලූත් ආණ්ඩුව පත් වෙලා අවුරුදු දෙකක කාලයක් වෙනවා. මේ කාලය තුළ අපේ රට අගලක් වත් ඉදිරියට ගිහිල්ලා තියෙනවද. දැන් අපිට ඇහෙනවා කතාවක්.මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මුල covid. අහන්න කැමතියි මේ ආණ්ඩුවේ හේතු දක්වන ඇත්තොන්ගෙන් covid වසංගතය ආවේ ලංකාවට විතරද ? ලෝකයේ අනෙක් රටවල් වල විදේශ ආයෝජන වැඩි වෙනවා. අපේ රට බින්දුවටම බහිනවා. ඒ රටවල් වල ආර්ථික වර්ධන වේගය ඉහළ යනවා. අපේ රටේ පහුගිය කාර්තුවේ ආර්ථික වර්ධන වේගය -ඍණ වෙනවා. ඒ රටවල් වල covid නිසා ම අලුත් කර්මාන්තශාලා, නව නිර්මාණ, නව අදහස් තුළින් අලුත් සංවර්ධනයක්. ඒ රටවල් වල විරැකියාවෙන් සිටින තරුණ පරපුරට රැකියා ලැබෙන කොට අපේ රටේ විරැකියා පෝලිම වැඩි වෙනවා. මේ ආණ්ඩුවේ ප්‍රධානීන් මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට හේතුව කොවිඩ් ප්‍රශ්නය කියලා ඉදිරියට දමනකොට ලෝකයේ රටවල් රාශියක් covid සමයේ ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා. අවුරුදු දෙකක කාලයක් ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ. අපේ රට කඳුළු පාරාදීසයක් කරල . අඳුරු පාරාදීසයක් කරලා. කුසගිනි පාරාදීසයක් කරලා. අපේ රට ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් කරල. ඒ දේ නම් මේ ආණ්ඩුව හොඳටම කරලා තියෙනවා. ආන්ඩුව බලයට ගෙන එන්නට ගොවියට කරපු හානිය. මෝඩ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම තුළ ගොවියගෙ ජන ජීවිතය විනාශ කළා . අදූරදර්ශී ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම තුළ , අමනෝඥ ක්‍රියා කලාපයක් තුළ එකපාරට විනාශ කළා. ගොවියාට සහන ලබා දෙන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කියනවා. ගොවියට කියනවා දැන් ඔන්න යුරියා ගන්න පුළුවන් කියලා. හැබැයි ගාන කියන්නේ නෑ. සමහර ප්‍රදේශවල දොළොස් දාහය පාලොස් දාහයි. පනහේ මිටිය, තවත් දිස්ත්‍රික්කවල 25000 කිලෝ පනහේ මිටිය. කොහොමද ආශ්චර්ය, සෞභාග්‍ය දැක්ම. හැබැයි ආණ්ඩුවට සල්ලි තියෙනව.

අසුචි පොහොර ගෙන්නපු විදේශීය සමාගමට ඩොලර් බිලියන ගණන් ගෙවන්න. අවුරුදු හැටක් මේ පොහොර සහනාධාරය තිබුණා. අවුරුදු හැටක් තිබුන පොහොර සහනාධාරය මේ ආණ්ඩුව ඉවත් කරලා අර අසූචි පෝර ගෙන්නපු විදේශීය සමාගමට ඩොලර් කුට්ටි පිටින් ගෙවනවා. ඒකට ද හැට නම ලක්ෂයක් වරම දුන්නෙ. මේකටද 68 ලක්ෂයක් මහ මැතිවරණය බලය ලබාදුන්නේ.

මේ ආණ්ඩුවෙ වගකිවයුත්තන් කිසි කෙනෙක් හොයල බැලුවේ නෑ ගෑස් සමාගම් ටික හොර රහසෙ කපටිකමට සංයුතිය වෙනස් කරන කොට. කිසිම කෙනෙක් මේවා ගැන හොයලා බැලුවේ නෑ.අවසානයේ gas ගෑස් සිලින්ඩර පිපිරුණා. ලිප් ටික පිපිරුණා. කුස්සි ගිනි ගත්තා, නිවෙස් ගිනි ගත්තා. මිනිස් ජීවිත අහිමිවුණා . අදටත් හරියාකාර විසඳුමක් නැහැ. අපි ජනතාවට සිද්ද වෙලා තියෙනවා තට්ටුමාරු ක්‍රමයට පෝලිම් වල ඉන්න. එක දවසක් යනවා ගෑස් පෝලිම ට. ඊලඟ දවසෙ කිරිපිටි පෝළිමට. දැන් යනවා භූමිතෙල් පෝලිමට . දැන් හාල් පෝලිමත් නිර්මාණය වෙලා. ඉදිරියේදී පරිප්පු පෝලිමත් එයි. සීනි පෝලිමත් එයි . පෝලිම් යුගය පැටව් ගහලා. සියල්ලටම හේතුව ඔලමොට්ටල ක්‍රියාකලාපයයි.

ජනතාව ගැන හිතන් නැති, හිතක් පපුවක් නැති ආණ්ඩුවක් බලයට පත්වුණ සැනින්ම තමන්ට වරම ලබා දුන් ලක්ෂ ගණනකගේ ඡන්ද අයිතිය පාගා දැමුවා. යුනිසෙෆ් ආයතනය කරලා තියෙනවා වැදගත් වාර්තාවක්. ආසියානු සහ පැසිපික් කලාපයේ ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය ගැන ඉතාමත් වැදගත් වාර්තාවක්. මේ වාර්තාවෙනුත් අපේ ලංකාව කප් ගහලා තියෙනවා. අපිට ලැබිලා තියෙනවා දකුණු ආසියාවේ අඩු බර දරුවන් වැඩියෙන්ම ඉන්න රටවල් අතරෙන් අපේ රටට දෙවැනි ස්ථානය ලැබිලා. මේ යුනිසෙප් වාර්තාවත් හෙට දවසේ කවුරුහරි කියයි මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ශ්‍රේණි ගත කිරීම් වලට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පහුගිය කාලේ කියපු ඇත්තෝ ඒ ප්‍රශ්නයට නිසි විසඳුමක්ලබා නොදුන් නිසා අද රටක් හැටියට අපේ රට බංකොලොත්භාවයට අවදානමට ලක් වෙලා. එදා හිතුවේ නෑ අද ඇතිවෙන ඩොලර් හිඟය ගැන. පාර්ලිමේන්තුවට ආවොත් ඇද බාන්නේ බොරු බේගල්. මේ ආණ්ඩුව දිනුවේ ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන්. කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වයක් නිර්මාණය කරලා , සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දාලා ජාතිවාදය, ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කරල. අද වෙලා තියෙන්නේ පාලකයන්ට අධි පෝෂණය. රටේ ජනතාවට මන්දපෝෂණය. පාලකයන්ට ප්‍රශ්න නැහැ. මම එදා කිව්වා ජනතාවගේ දෙපතුල ළඟට ඇවිල්ල ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා. ලක්ෂ කීයක් හිනා උනා ද? අද කනගාටුවට කාරණාවක්. ඒකට හැදුවා ඉතාමත් අසභ්‍ය කතාවක්. වීඩියෝ පට හැදුන. ඒව දැකල ගැහුව කතිරේ. අද මුළු රටම විනාසයි. අපේ රට උසට සරිලන බර නොමැති අවුරුදු පහට අඩු දරුවන් 14% ඉන්නවා. කවුද මේ දරුවන්ට පිහිට වෙන්නේ. අඩු බර සහිත දරුවන් 16%. එම වාර්තාවලින් හෙළි වෙලා තියෙනවා. මේක අපි කිවුවහම කියයි විපක්ෂයයි ජාත්‍යන්තර එකතුවෙලා කරන කුමන්ත්‍රණයක් කියලා.

පෙර පාසල් දරුවන් 29% කට විටමින් ඌනතාවයක් තියෙනවා. මේ මන්දපෝෂණ තත්ත්වයට මොකක්ද විසඳුම . අපේ දරු පරපුරට අවශ්‍ය ධාන්‍ය, එළවළු පලතුරු,මස්, මාලු, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ලබාදෙන්නට ඕනි. කඩේකට ගිහිල්ලා බලන්න ඒවා දරාගත මිලකට ගන්න පුළුවන්ද කියලා . බහුතර ජනතාවකට එදා වේල් තුන පිරිමහ ගන්නට බෑ. පාලකයන්ට ගැටලුවක් නැහැ. පාලකයන්ට සම්පත්, පහසුකම් ,වරප්‍රසාද වරදාන තියෙනවා. ඒවා එන්න එන්න වැඩි වෙනවා. ජනතාව ගේ වරප්‍රසාදයන් එන්න එන්න අඩු වෙනව. අපේ රටේ ගොවියන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ප්‍රමිතියෙන් අඩුයි කියලා ඒවා විනාශ කරන කොට ඇමතිවරයෙක් කියනවා මේක සාපරාධී ක්‍රියාවක් කියලා. රටේ ජනතාව අහනවා කිරිපිටි හිඟයට, ගෑස් පිපිරිමට,පොහොර පිපිරීමට, ගොවියා විනාශ කරපු එකට කවුද දඩුවම් ලබන්න ඕනි කියල. අහස උසට බඩු මිල ඉහළ යනකොට කවුද දඩුවම් ලබන්න ඕනි. දැක්ක දැක්ක තැන පෝලිම් යුගය නිර්මාණය කරපු අයට දඬුවම් ලබාදිය යුතු නැද්ද? ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කතිරයෙන් දඬුවම් දෙන්න. දැන් අවස්ථාව එළඹිලා තියෙන්නේ මෙරට ජනතාවට. මේ දුර්දාන්ත යුගය නිර්මාණකරුවන්ට උත්තර බඳින යුගය උදා වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාට මේක කරන්න බැරිනම් වහාම මැතිවරණයක් කැඳවන්න. සමගි ජන බලවේගයේ අපි සූදානම් ඕන මැතිවරණයකට මුහුණ දීලා මේ රටේ ජනවරම හරහා පොදුජන ආණ්ඩුව බිහි කරන්න. මැතිවරණ ජයග්‍රහණය කරන්නට නම් අපි ආසන වශයෙන් සංවිධානය වන්නට ඕනි. අපි කොට්ඨාස මට්ටමින් ශක්තිමත් වෙන්නට ඕනි. සංවිධායකකම නාමපුවරුවක් විතරක් කරගන්න එපා. ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට ඕනි. මගේ පවුලේ ලක්ෂ දෙසිය විස්සක් ඉන්නවා. හැමෝම මගේ පවුල ලෙස සලකලයි මං කටයුතු කරන්නේ. සමගි ජන බලවේගය තුළ පවුල් වාදයක් නෑ.”

– media unit