31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනපති සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගනී

ජනපති සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගනී

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ අද (01) පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.

පසුව සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය ද එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගන්වා ඇත.

සිතුල්පව්ව රාජමහා විහාරය අවට විහාරස්ථාන 4ක් පූජා භූමි බවට පත්කළ බව දැනුම් දෙන “නිදහස් දීමනා පත්‍ර” ද එහිදී එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම ද එහිදී සිදු විය.

එහිදී අනුශාසනාව කළ සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියෝ,

“ජනාධිපතිතුමනි, “සෞභාග්‍යයේ දැක්ම” තුළින් ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වේවි”

“කුමන හොඳ දේ කළද ඊට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ සිටිති. වස විසෙන් තොර ආහාර වේලක් ලබාදී නීරෝගිමත් ජාතියක් බිහි කිරීමට ජනාධිපතිතුමා පිරිසිදු චේතනාවෙන් ගෙන යන වැඩපිළිවෙලට ද ඔවුහු අකුල් හෙළති. ‘සෞභාග්‍යයේ දැක්ම’ සාර්ථක කරගැනීමට හැකි වුවහොත් රට ඉතා වාසනාවන්තයි ”

“රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් බලය ලබාගැනීමට සහ සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිඵල වෙනුවෙන් තවත් වසර කිහිපයක් ඉවසිය නොහැකි පිරිසක් සිටිනවා.”

May be an image of 3 people, people standing and outdoors
May be an image of 2 people and outdoorsMay be an image of natureMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 3 people