27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලාෆ් සිලින්ඩර ලිත්‍රො එකතු කර නිල් පාට කරයි.. ලිත්‍රොට එරෙහිව ලාෆ් නඩු...

ලාෆ් සිලින්ඩර ලිත්‍රො එකතු කර නිල් පාට කරයි.. ලිත්‍රොට එරෙහිව ලාෆ් නඩු දමයි…

ලාෆ් ගෑස් සමාගෙම් කහ පැහැති සිලින්ඩර ලිත්‍රො සමාගමේ නියෝජිතයන් හරහා නිල් පාට ගැන්වීමේ වැඩපිළිවෙළක් සංවිධානාත්මක ක්‍රියාත්මක කරමින් ඇතැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට පැමිණිලි කර ඇති බවද කී ඔහු ඉදිරියේ දී අධිකරණය හමුවට යන බව සඳහන් කළේය.

දැනට තම සමාගම විසින් ගෑස් බෙදාදීම අඩාල වී ඇත්තේ ණයවර ලිපි සදහා ඩොලර් ලබා නොදිම නිසා බවත් කී ඔහු ප්‍රමාණවත් ඩොලර් ලබාදෙන්නේ නම් ඉතා ඉක්මනින් තත්වය විසඳා ලිය හැකි බවද පැවසීය.

සිය ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.