27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරංජන් වෙනුවෙන් අලුත් අරගලයක් - විපක්ෂ නායක සජිත් පවසයි.

රංජන් වෙනුවෙන් අලුත් අරගලයක් – විපක්ෂ නායක සජිත් පවසයි.

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ  තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා , කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකතුමා මේ අදහස් පැවසීය.