Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalකෝටි 22,900ක සහන පැකේජයක්

කෝටි 22,900ක සහන පැකේජයක්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව සිටින රටේ සියලු ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වර්ෂය සඳහා රජය රුපියල් කෝටි 22,900ක සහන පැකේජයක් වෙන් කර තිබෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (03)රාත්‍රී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඒ යටතේ රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ආබාධිත රණ විරුවන්ට රුපියල් 5000ක මාසික දීමනාවක් දීමටත්, සමෘද්ධිලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 1000කික් වැඩි කිරීමටත් තීරණය කර තිබේ. පසුගිය අයවැයෙන් වැටුප් වැඩි වූ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ද ඉහත කී රුපියල් 5000 දීමනාව හිමි වන බව මුදල් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පෞද්ගලික අංශයේ සේවකයන්ටද රුපියල් 5000 දීමනාව පිරිනැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.

සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සියලු බදුවලින් නිදහස් කිරීමට තීරණය කර ඇති බව කී මුදල් ඇමැතිවරයා වතු කම්කරු පවුලකට රුපියල් 80ක සහනදායි මිලකට තිරිඟු පිටි කිලෝ 15ක් දීමටද, වී කිලෝවක සහතික මිල රුපියල් 75 දක්වා වැඩි කිරීමත් තීරණය කළ බව පැවැසීය.

ආධාර දෙන සෑම රටක් සඳහාම ඇමැතිවරයකු බැගින් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මුදල් ඇමැතිවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මෙලෙස රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් අතිරේක දීමනාවක් පිරිනැමීමේදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් කෝටි 8,700ක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් රුපියල් කෝටි 4,000ක අතිරේක මුදලක් රජයට වෙන් කිරීමට සිදුව තිබෙන බවයි. ඒ අනුව සෑම සේවකයකුටම වාර්ෂිකව රුපියල් 60,000ක අතිරේක දීමනාවක් හිමිවන බව පෙන්වාදුන් ඒ මහතා මේ තත්ත්වය මත පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට ද මේ සහනය ලබාදීම සඳහා කටයුතු කරන ලෙස කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද කීවේය.

මේ අතර අපේ රටේ සමෘද්ධිලාභීන් 1,793,000ක් පමණ සිටින අතර ඔවුන් වෙනුවෙන් මාසිකව එක් අයකුට රුපියල් 3,500ක මුදලක් රජය විසින් පිරිනමන බව පෙන්වා දුන් මුදල් ඇමැතිවරයා ඔවුන්ට ද අතිරේකව මේ මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1,000ක අමතර දීමනාවක් පිරිනමන්නට පියවර ගෙන තිබෙන බවද ගොවියන්ගේ වී මිල දී ගැනීමේදී රුපියල් 75ක සහතික මිලක් දෙන්නට රජය පියවර ගෙන තිබෙන බවද කීවේය.

මේ රජය පැමිණි පසුව වී කිලෝවක් සඳහා සහතික මිල රුපියල් 50ක් කළ බව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා ගොවියාගේ වීවලින් සියයට 50ක අස්වැන්න ප්‍රමාණයක් අඩු වූවා යැයි සලකන්නේ නම් එසේ පාඩු සිදුවන වී සඳහා ගොවියාට මේ අතිරේක රුපියල් 25ක මුදල ලබාදෙන්න පියවර ගන්නා බවද පැවසීය. එය පාරිභෝගිකයාගේ සහල් මිලට බලපෑමක් නොවන පරිදි සිදුවන බවද ඒ අනුව අදාළ රුපියල් 25ක මුදල රජය විසින් සහනාධාරයක් වශයෙන් ගොවියාට පිරිනමන බවද සඳහන් කළේය.

කිසිදු ආකාරයකින් සහල් මිල වැඩි නොකර ගොවියා වෙනුවෙන් මේ රුපියල් 25ක මුදල රජයෙන් දෙන සහනයක් වන බවද මේ කන්නයේ වෙනදා මෙන් සෑම කුඹුරක්ම අස්වද්දන්න පියවර ගෙන තිබෙන බවද යම්කිසි ආකාරයකින් ගොවියාට පාඩුවක් සිදු වුවද වී කිලෝවකට රුපියල් 75ක් දීමට පියවර ගන්නා බවද පැවසීය. ඊට අමතරව ගෙවතු වගා යළි ආරම්භ කිරීම වෙනුවෙන් අතිරේකව රුපියල් කෝටි 3,100ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා පර්චස් 20 ට අඩු බිමක ගෙවතු වගා කරන්නේ නම් රුපියල් 5000ක දිරි දීමනාවක් ද පර්චස් 20 ත් අක්කරයත් අතර බිමක් වෙනුවෙන් රුපියල් 10000ක දීමනාවක් පිරිනැමීමට පියවර ගන්නා බවද කීවේය.

ඊට අමතරව මාස හයක කාලයකට පසුව ද එම මුදල් ප්‍රමාණය රුපියල් 5000 සහ 10,000 වන ආකාරයට ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බව කී මුදල් ඇමැතිවරයා වතු කම්කරුවන්ට ද සහන සලසමින් එක් මසකට පවුලක් සඳහා තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 15ක් එක් කිලෝග්‍රෑමයක් රුපියල් 80 බැගින් රුපියල් 40 ක සහනයක් හිමි වන පරිදි ලබාදීමට පියවර ගෙන තිබෙන අතර සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරු පවුලක් වෙනුවෙන් මෙය හිමි වන බවද කීය.

සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන අතර දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගන්නා බවද පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා මේ සියලු සහන ජනතාව වෙනුවෙන් පිරිනැමීමට රජය තීරණය කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර