Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු...
HomeNewsPoliticalවහාම එළියට බහින්න - ජනපති කෝපයෙන්

වහාම එළියට බහින්න – ජනපති කෝපයෙන්

එලියට ගිහින් විවේචනය කරන්න.

නාහෙට නාහන ඇමතිවරුන්ට ජනපති දොර පෙන්නයි.

ආණ්ඩුව පිළිබඳව විවේචනය කරන්න කාට හෝ අවශ්‍ය නම් වහාම එළියට බහින්නයි ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලයට පවසා තිබේ. ආණ්ඩුවේ සිට කළ යුත්තේ ආණ්ඩුවේ කාර්යභාරය බවත් එය කළ නොහැකි නම් කළ යුත්තේ විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් ජනාධිපතිවරයා පවසා තිබේ .එලෙස නොයන්නේ නම් ඔවුන් පිළිබඳ තීන්දුවක් ගැනීමට තමාට සිදුවෙන බවද කැබිනට් මණ්ඩල රැස්වීමේදි පවසා ඇත.
රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති බවය.මෙහෙම දේවල් කරද්දිත් ආණ්ඩුව විවේචනය කරනවා නම් එය කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එහි ද ජනාධිපතිවරයා පවසා ඇත.
තමන්ට 69ලක්ෂයක් ඡන්ද ලැබුණත් තමාට විරුද්ධව පනස්ලක්ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශකර තිබෙන නිසා ඒ අය සමග එකතු වීම ගැන තමාගේ කිසිම කනගාටුවක් නොවන බවත් ජනාධිපතිවරයා පැවසූ අතර එහි සිටි විමල්,උදය,වාසු යන කැබිනට් ඇමැතිවරුන් නිහඬව සිටිනු දැකිය හැකි විය .