Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalනිමා නොවූ වැඩ වලින් අවසානයේ කිසි කෙනෙකුට ප‍්‍රතිඵලයක් නැහැ

නිමා නොවූ වැඩ වලින් අවසානයේ කිසි කෙනෙකුට ප‍්‍රතිඵලයක් නැහැ

‘‘නිමා නොවූ වැඩ වලින් අවසානයේ කිසි කෙනෙකුට ප‍්‍රතිඵලයක් නැහැ. නිමානොවු වැඩවලට වටිනාකමක් තිබෙන්නේ ගිණුම් පොත්වල විතරයි. ඒ නිසා භාගෙට හදපු වෙළෙඳපලක, භාගෙට හදපු මංතීරුවක, භාගෙට හදපු නිවාස ව්‍යාපෘතියක, භාගෙට හදපු නාගරික සංවර්ධන වැඩපිළිවෙලක කිසිම වටිනාකමක් මහජනතාවට නැහැ’’ යැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, 2022 වර්ෂයේ රාජකාරී අරඹමින් රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන් හි සේවක සේවිකාවන් හා නිලධාරීන් අමතමිනි.

මෙම හමුව සෙත්සිරිපාය 09 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘මම මේක අවස්ථාව කරගන්නවා 2021 වසර තුළ තමුන්නාන්සේලා සියළු දෙනා තම තමන්ගේ හැකියා ප‍්‍රමාණය අනුව තම තමන්ගේ වගකීම් ක්‍ෂෙත‍්‍රය තුළ ඉටුකළ යම්කිසි සේවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපේ ස්තූතිය පළ කරන්නට.

මම මූලිකම කරුණු කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණය මම මතක් කරන්න කැමතියි. මේ ශාලාව තුළ වාඩි වෙලා ඉන්න ඔබත් මමත් අතර ප‍්‍රධාන සමානකම් කිහිපයක් තිබෙනවා. ඉන් දෙකක් මම මතක් කරන්නට ඕනේ. පළවෙනි කාරණය තමයි අපි සියළු දෙනාම මේ රටේ පුරවැසියෝ. පුරවැසියෙක් කියලා කිව්වහම ඒකට දේශපාලනය, වර්ගයක්, ජාතියක්, ආගමක් කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ. පුරවැසියා කියලා කියන්නේ පුරවැසියාට. මේ රට සම්බන්ධයෙන් අයිතියක් තිබෙන, රට සම්බන්ධයෙන් වගකීමක් තිබෙන කෙනෙක්.

දෙවන කාරණය තමයි ඔබත් මමත් දෙපිරිසේම සමානත්වය තිබෙන, අපි මේ රටේ ජනතාවට සේවය කරන්න බැඳී සිටිනවා. මම මහජන නියෝජිතයෙක්. ඔබ රජයේ සේවකයෙක්. මහජන නියෝජිතයෙක් කියලා කියන්නේ දේශපාලනය කුමක් වුවත් ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් ජනතාවට වගකියන කෙනෙක්. මහජන නියෝජිතයාගේ ජනතා වගකීම තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ සිටින කාලයේ පමණක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත් ජනතාවට වගකියන්නට ඕනේ. රාජ්‍ය සේවකයාත් එහෙමයි. රාජ්‍ය සේවකයා මොන නිළතල දැරුවත්, කුමන වැටපක් ලැබුවත්, කුමන දේශපාලන මතවාදයක් දැරුවත්, කුමන ජාතියකට අයත් වුණත්, කුමන ආගමකට අයත් උනත් අවසානයේදී මහජන වැටුප් ලබන මහජන සේවකයෙක්. ඒ නිසා ඔහු හෝ ඇයත් ජනතාවට සේවය කරන්න බැඳී සිටිනවා.

අපි හැම කෙනෙකුටම පැවරිච්ච වගකීමක් තිබෙනවා. අපේ රැුකියාව කුමක් වුවත්, ඒ රැකියාවේ මට්ටම කුමක් වුවත් අපි හැම කෙනෙකුටම ඉතාමත් පැහැදිලිව භාරදුන් වගකීමක් තිබෙනවා. අපි හැම කෙනෙක්ම අහන්න ඕන ප‍්‍රශ්නය තමයි මේ අවුරුද්ද ආරම්භයේදීත් අපි වගකීම හරියට ඉටු කරනවාද කියන කාරණය. මේක අපි හැමදාම කතා පවත්වනකොට කිව්වට, ඔබ ඇත්තටම මේක හිතන්නට ඕනේ පුරවැසියෙක් වශයෙන්. ඒක තමයි මම මුලින්ම කිව්වේ අපි සියළු දෙනාම පුරවැසියෝ කියලා. අපි කියනවා අපි මහජන සේවකයෝ කියලා. අනෙක් පැත්තෙන් මහජනයා වෙන්නෙත් අපිමයි. පුරවැසියා තමයි මහජනයා වෙන්නෙත්. ඒ නිසා අපි අපේ කාර්යය හරියට කළේ නැත්නම්, අපේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් අවසානයේදී අපි අපටම හානියක් කර ගන්නවා. මොකද අපි කරන දේවල් පොඞ්ඩ එකතුවෙලා තමයි අවසානයේ මහජනයාට සේවයක් සැලසෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාව, සාමාන්‍යෙයන් මිලියන 8 ක් පමණ වෙනවා. එතකොට රාජ්‍ය සේවකයෝ, මහජන සේවකයෝ ඔක්කොම දාලා මිලියන 1.4 ක් කියල ගත්තොත් සාමාන්‍යයෙන් ප‍්‍රතිශතයක් විදිහට 17.5% ක් විතර අපි නියෝජනය කරනවා මේ රටේ වැඩකරන ජනතාව. 17.5% ක් කියලා කියන්නේ ඉතාමත් ඉහළ ප‍්‍රතිශතයක්. මේ ප‍්‍රතිශතයට මේ රටේ විශාල වෙනසක් කරන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම එකතු වෙලා අපේ වගකීම ඉටු කරනවා නම්.

ඒ නිසා මම හිතනවා ඔබලා හැම කෙනෙක්ම මේ වසර ආරම්භයේදී යමක් ඉදිරි වසර ගැන හිතනවා නම්, මම වැඩකරන කාලේ ඇත්තටම මේ රටට වැඩක් කරනවා ද කියලා හිතලා බලන්න. මම වැඩක් කරනකොට, යම්කිසි වගකීමක් ඉටු කරනකොට හිතලා බලන්න, මෙයින් රටට අන්තිමට ඵලයක් ප‍්‍රයෝජනයක් තිබෙනවාද කියලා. මම මේ ගන්න තීන්දුව, මගේ මේ හැසිරීම, රටට අවසානයේ වැඩදායිද කියලා කල්පනා කරලා බලන්න. එතනදි මම තව එක දෙයක් මතක් කරනවා. නිමා නොවූ වැඩ වලින් අවසානයේ කිසි කෙනෙකුට ප‍්‍රතිඵලයක් නැහැ. නිමානොවු වැඩවලට වටිනාකමක් තිබෙන්නේ ගිණුම් පොත්වල විතරයි. ඒ නිසා භාගෙට හදපු වෙළෙඳපලක, භාගෙට හදපු මංතීරුවක, භාගෙට හදපු නිවාස ව්‍යාපෘතියක, භාගෙට හදපු නාගරික සංවර්ධන වැඩපිළිවෙලක කිසිම වටිනාකමක් නැහැ අවසානයේ මහජනතාවට. ඒක හොඳට මතක තියා ගන්න. අපි හුඟක් වෙලාවට කතා කරන කොට කතා කරන්නේ කරමින් සිටින වැඩ ගැන. අපි මේ සිස්ටම් එක හදමින් ඉන්නේ, තව මාස දෙකෙන් තුනෙන් ඉවර කරනවා. ඇත්තටම මාස දෙක තුනක් ඉවර වෙලා එය ඉදිරිපත් කරනවා නම් මම කැමතියි. දැන් ඉදිරිපත් කිරීමෙන් මහජනතාවට වැඩක් වෙන්නේ නැහැ. කරමින් සිටින දේ කළ යුතුයි. නැත්නම් අවසානයේදී ප‍්‍රතිඵලයක් නැහැ. හැබැයි අවසාන ප‍්‍රතිපළය පමණයි ජනතාවට වැඩක් වෙන්නේ. ඉවර කරන්න පටන් ගත් වැඬේ. ඉවර නොකරන වැඩකින් වැඩක් නැහැ. භාගෙට කරපු වැඩකින් වැඩක් නැහැ. අවසාන ප‍්‍රතිඵලය පමණයි වැදගත් වන්නේ.

ඒ නිසා අපේ අමාත්‍යාංශයට, මෙම අධිකාරියේ අපට විශාල වගකීමක් මේ රටේ පැවරිලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරමු මේ වසරේ අපට පුළුවන් තරම් ඉවර කරන්න පුළුවන් දේවල් ඉවර කරන්න.

ඒ අධිෂ්ඨානය තමුන්නාන්සේලාට ඇති කර ගන්න පුළුවන්නම් අන්න ඒ දෙය තමයි මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තුවන දෙය මේ වසරේදී. මම බොහෝ දේවල් කියන්න අවශ්‍ය නැහැ, මම නැවතත් කියනවා තමුන්නාන්සේලා උගත්, දක්ෂ කණ්ඩායමක්. මම සතුටු වෙනවා ඔබලා සමග වැඩ කරන්න තිබෙන අවස්ථාව ගැන. මේ බොහෝ දෙනෙක් එන්න කලින් ඉඳලා දන්නවා. කලින් ඉඳලා වැඩ කරලා තිබෙනවා. දැන් හුඟක් අය අලූතින් හඳුනාගෙනත් තිබෙනවා. මම සතුටුයි ඔබත් සමග වැඩ කරන්නට.

රජය ගැන මිනිස්සු කතාකරනකොට, රජයේ විවිධ අමාත්‍යාංශ ගැන කතා කරනකොට සමහර විට මටත් උත්තර දෙන්න බැහැ. මොකද මගේ විෂය පථය නොවන දෙයක් ගැන මට යමක් කරන්නට අමාරුයි. විශේෂයෙන්ම ආර්ථිකය ගැන කතා කරනකොට අපට ඍජුව යමක් කරන්නට අමාරුයි. හැබැයි වක‍්‍රව ආර්ථිකය සම්බන්ධයෙන් විශාල වගකීමක් දරනවා. අපි කරන හැම වැඩකම අවසානයේදී ආර්ථික වටිනාකමක් තිබෙනවා. මොකක් හරි ව්‍යාපෘතියක්, ව්‍යාපාරයක් පරක්කු කරන හැම මොහොතකම තමුන්නාන්සේලා මේ රටට කරන්නේ හානියක්. මොකද ඒ ව්‍යාපෘතිය ඉක්මනට අනුමත කරලා ඒ ව්‍යාපාරිකයාට අවස්ථාව ලබාදුන්නනම් ඒ ව්‍යාපාරිකයා ව්‍යාපාරය කරන්න පටන් ගත්තහම මේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙනවා. ඒ නිසා අපි කරන හැම දේකම ඍජුව හෝ වක‍්‍රව මේ ආර්ථිකයට දායකත්වයක් තිබෙනවා කියන කාරණය මතක තබා ගන්න’’ යැයි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්, නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් සහභාගී විය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්