Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsPoliticalසුසිල්ට තැබූ අත තව පොකුරකට.!

සුසිල්ට තැබූ අත තව පොකුරකට.!

මාධ්‍යවේදියාට විශේෂ යි!

හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්තව තනතුරෙන් පහ කිරීමත් සමග දේශපාලන කරලිය උණුසුම් වී තිබේ.

සුසිල් ඉවත් කිරීමේ තීන්දුව ජනාධිපතිවරයා ගත්තේ ඊයේ වුණාට එය කලක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ එකකි.

සුසිල් යනු පාර්ලිමේන්තු ආ මොහොතේම කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත්වූවෙකි.

ඒ විතරක් නෙවෙයි සුසිල් යනු ජනාධිපතිවරු තිදෙනකු යටතේ කටයුතු කළ ප්‍රබලයෙකි.ජනාධිපතිවරු දෙදෙනෙකු වෙනුවෙන් නාමයෝජනා තැබීමට ගිය පක්ෂ මහලේකම් වරයෙකි.

එහෙව් සුසිල් ව අයින් කිරීම සම්බන්ධව බරපතළ අර්බුදයක් මේ වන විටත් පොළා පැන තිබේ.

” ආණ්ඩුව ෆේල්. තීරණ ගන්න අය ෆේල්.දැන් අලුත් කණ්ඩායමකට මේ රට බාර දෙන්න ඕන”

කියා ඊයේ සුසිල් කළ ප්‍රකාශය ආන්ඩුවේ ඉහළ මට්ටමේ බලවත් කළකිරීමට හේතු වී තිබේ.

ප්‍රතිඵලය වුණේ  හැරෙන තැපෑලෙන් සුසිල්ගේ රාජ්‍ය ඇමතිකම ගැලවී යාමයි.

සුසිල්ගේ තනතුර අහිමි වීම පිළිබඳව වෘත්තිය වාර්තාවීමත් සමග මාධ්‍යවේදීන් ඒ මොහොතේ උත්සවයක සිටි දිනේෂ්ගෙන් කරල විමසන්නට උත්සාහ කළේය.

එහෙත් දිනේෂ් මාධ්‍ය තුට්ටුවකට මායිම් නොකර එතනින් පළා ගියේය.

නමුත් තවත් උත්සවයකදී නාමල් කියා සිටියේ මේක විනය සම්බන්ධයෙන් ගත්ත තීරණයක් කියලා ය.

නාමල්ගෙන් පිටවු රහස!

ඒ සමඟම නාමල්ගෙන් තවත් රහසක් පිටවිය.

“සමහරවිට වාසුදේව,විමල් ,ගම්මන්පිල ඇමතිවරු සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමා තීන්දුවක් ගනී”

නාමල් කීවේය.

සාමාන්‍යයෙන් නාමල්ගෙන්  කතාවක් පිටවෙන්නෙ හේතුවක් නැතිව නෙවෙයි.ආණ්ඩුවේ අභ්‍යන්තර කාරණා ගැන නාමල්ල බොහෝ දේ දන්නේ ඔවුන් පවුලේ සාමාජිකයින් නිසාය.

ඒ අනුව නාමල්ගෙ කතාවෙන් පෙනෙන්නේ සුසිල්ට තැබූ අත විමල්ලාටත් තබන්නට සූදානම් බවය. 

ඉදිරි පැය 48 දී වෙන දේ මෙන්න !

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත තවත් කැබිනට් අමාත්‍යවරයකු තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විශ්වාස කටයූතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හෝ වාසුදේව නානායක්කාර මහතා හෝ උදය ගම්මන්පිල මහතා හෝ මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි.

වාර්තා වෙන පරිදි සුසිල් අස් කිරීමට ගත්  තීන්දුවෙන් ආණ්ඩුවේම බොහෝ දෙනා වික්ෂිප්ත වී තිබේ.

කෙසේ වෙතත් ඉදිරි දිනවල පැවැත්වෙන පොහොට්ටුවේ ප්‍රවෘත්තියේ සාකච්ඡාවලදී විනය සහ සාමූහිකත්වය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරමින් මන්ත්‍රීවරු  කතා කරන්නට නියමිතය.

සුසිල් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබඳව 
විශේෂයෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය කුමක්දැයි බොහෝ දෙනා තුළ විශාල කුකුසක් ඇතිවිය.

ජනාධිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධ කෙටි පණිවිඩය ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රී ගේ දුරකථනයට ආවේය.

ඒ වනවිට මෛත්‍රී හිටියේ පොලොන්නරුව ප්‍රදේශයේ උත්සවයක ය.

මෛත්‍රී වේදිකාවට ගොඩ උනේ සුසිල් ඉවත් කිරීම සම්බන්ධව ප්‍රවෘත්තියෙන් කැළඹීමට පත්ව ය.

මෛත්‍රීගෙන් බෝම්බයක්!

වේදිකාවට ගොඩ වුණු මෛත්‍රී, ආණ්ඩුවට කන රත් වෙන උත්තරයක් දුන්නේ ය.

” මම දැන් එන ගමන් ඡන්ද ප්‍රතිඵලයක් ඇහුවා . පොලේ ගිහින් ස්වීප් එකක් අරන් ආණ්ඩුවට හයේ පහරක් ගහපු සුසිල්ට ඇමතිකම අයින් අහිමි කරල. සුසිල්ගේ ඇමතිකම අයින් කරලා අවුරුද්ද පටන් ගත්තා ආණ්ඩුව මම ඇමතිවරු අයින් කරන හෝ අයින් වෙන එක නතර කරන්න නං මේ වැඩ කරන ක්‍රමේ වෙනස් කරන්ඩ ඕන.නැත්තං පුපුරන පිපිරිලා නවත්තන්න බැහැ.හැමෝම මතක තියා ගන්න ඕන,  පාර්ලිමේන්තුවේ දැවැන්තම තුන්වෙනි තුන්වෙනි විශාලම පක්ෂය අපි.”

එතනින් නොනැවතුණු මෛත්‍රී තවත් කතාවක් කීවේය.

” මේ වගේම හයේ පාරවල් දෙකක් ලංකා ඇමතිතුමා ගැහුවා.හැබැයි එතුමා ඉවත් කරන්නේ නෑ.මොකද මේ අයගේ රහස් ඔක්කොම ලංසා දන්නවා”
මෛත්‍රීගේ කතාව පුපුරා යාමට නියමිත බෝම්බයක සේව නූල ගිනි ගැනීමක් ලෙස බොහෝ දෙනා සලකයි.

ඒත් සමගම මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව කඩිනමින් රැස්වීමට නියමිතය.

එහිදී ඔවුන් ගනු ලබන තීන්දුව මෙරට ඉදිරි දේශපාලනය පිළිබඳව තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි බොහෝ දෙනා පවසයි.

සුසිල්ට දුරකතනයෙන් ඇමතුමක්!

සුසිල් ඉවත් කිරීමත් සමගම ඔහුට බොහෝ දුරකථන ඇමතුම් එන්නට පටන් ගත්තේය.එයින් පළමු ඇමතුම ලැබුණේ මෛත්‍රීගෙන් ය.

” ගිය ස්විප් එකක් ගත්තා, අද ඇදුනා”

සුසිල් සිනාසෙමින් කීවේය.ඉන් අනතුරුව ඔහුට ආවේ සමගි ජන බලවේගයේ ඉහළපෙලේ දුරකථන ඇමතුමකි.

ඒ දුරකථන ඇමතුම සෑහෙන වේලාවක් පැවතියේ ය.

ඒ අතර මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සුසිල්ට විශේෂ ආරාධනාවක් කළේය.

“අපි එතුමාට ආරාධනා කරන අපිත් එක්ක එකතුවෙලා ඒකාධිපති ආණ්ඩුව පරාජය කරන්න සටනට සම්බන්ධ වෙමු කියලා”

මරික්කාර් ආරාධනාව කළේ එහෙමය.