― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිස්සට දෙහිකපා 19 ඉල්ලන මෛත්‍රී !

විස්සට දෙහිකපා 19 ඉල්ලන මෛත්‍රී !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු යැයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල පවසයි.

හෙතෙම මේ බව ප්‍රකශ කළේ මාතලේ ‘The Grand Mountain’ හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන් සහ වංචනිකයින්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් නව ගමනකට නායකත්වය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් යැයි ද, තනි දේශපාලන පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.