30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමටත් සැරට කතාකරන්න පුලුවන්

මටත් සැරට කතාකරන්න පුලුවන්

සල්ලි අච්චු ගැහුවට රටේ ආර්ථික අර්බුදය වැළක්විය නොහැකි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාෂ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මාතලේදී මම කරපු කථාවට ඇතැම් අය කතා කරලා කිව්වේ ටොපේ ටොප් කියලා. තවත් අය කිව්වා කතාව ටිකක් සැර වැඩියි කියලා. මම කතාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්නන්න. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා අපිට සැරට කතා කරන්න බෑ කියලා.

සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා, දිනලා, ජනාධිපතිත් වෙලා ඉවරයි. දැන් සමහර අයට බලය තියෙනවා කියලා උඩින් යන ගතියක් ඇවිල්ලා. ජනතාව දැන් ඉන්න තත්ත්වය අනුව ඊළඟ අවස්ථාවේ රැවටිලා ඡන්දේ දෙයිද කියලා විශ්වාසයක් නෑ. මොන අඩුපාඩු තිබුණත් ඡන්දෙ කාලෙට සල්ලි දීලා, කන්න දීලා බෙදන්න තියෙන ඔක්කොම දෙයි.

හැබැයි ඉතින් බෙදන්න තියෙන ඔක්කොම බෙදලත් 2015 මම දිනුවේ ඇල් වතුරවත් දෙන්නේ නැතිව. එහෙම ජනතාව තීන්දු ගත්ත වෙලාවල් තියෙනවා.

ආර්ථික අර්බුදය, ඩොලර් අර්බුදය කොහොමද විසදගන්නෙ. අපේ බැසිල් උන්නැහේ නම් බියගම ෆැක්ටරියේ එක දිගට සල්ලි අච්චු ගහනවා. රුපියල් අච්චුගහලා එළියට දාන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇතිවන ආර්ථික අර්බුදය වෙනම කතාවක්.”