වසර 40ක් අඛණ්ඩව සිදු කරගෙන පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිතර ඇරීමට වැසීමට යෑමෙන් මහත් අර්බුද රැසකට හේතුවක් විය හැකි බව ඛනිජ තෙල් සංස්ථා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි වැඩබලන පාලන හිටපු වැඩබලන සභාපති සිරිල් සුදුවැල්ල ප්‍රකාශ කරයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව හෙළි කළේය. සපුගස්කන්ද පිරිපහදුව දිනකට බැරල් 50000 ධාරිතාවකින් යුත් පිරිපහදුවක් වන අතර එහි සැකැස්ම ඇත්තේ නොකඩවා අවම වසර දෙකක්වත් ක්‍රියාත්මක කිරීම සඳහා යැයි ඔහු එහිදී පැවසීය.
එමෙන්ම පිරිපහදුව මඟින් ඛනිජ තෙල් සෘජුව රැගෙන ඒමට වඩා විශාල ලාභ ගැනීමට හැකි බවද් ඔහු එහිදී ප්‍රකාශ කළේය. ලොව අනික් පිරිපහදුවලට සාපේක්ෂව ඒකක රාශියක් තිබෙන පුහුණු මධ්‍යස්ථානයක් බැවින් ඒ හරහා පුහුණු කරන ඉන්ජිනේරුවන්ට විදේශීය ඉල්ලුම විශාල බවත් ඔහු සඳහන් කරයි.