― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාව ශක්තිමත් වී තිබීම සුවිශේෂී ජයග්‍රහණයක්

ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාව ශක්තිමත් වී තිබීම සුවිශේෂී ජයග්‍රහණයක්

කොවිඩ් වසංගතය මධ්‍යයේ මහජන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අඛණ්ඩ සේවාවක් සැපයීමට ආරක්‍ෂක අමාත්‍යාංශය සමත් වී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

එම අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ යුතුකම් සහ වගකීම් කැපවීමෙන් ඉටුකිරීම සඳහා සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය දෙමින් වැඩකටයුතු ඉදිරියට කරගෙන ගෙන යා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජෙනරල් ගුණරත්න මහතා එම අදහස් පළ කළේ, සම්ප්‍රදායානුකූලව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් 2022 වසර උදාව වෙනුවෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයේදීය.

ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ දරන ලද උත්සාහයන්ටත් වඩා ඉතාමත් ඵලදායී ආකාරයෙන් වැඩකටයුතු කිරීමේ නව බලාපොරොත්තු ඇතිව මේ වසර ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.

වත්මන් ගෝලීය ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වය උපුටා දක්වමින් තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා, රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන අතරතුර, එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් වසංගතය පාලනය කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ උත්සාහය බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් විශිෂ්ඨ ඉදිරි පිම්මක් පිළිබඳව වැඩිදුරටත් සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා, රටේ රණවිරුවන්ට උපහාරයක් වශයෙන් ඉදිකළ සඳහිරු සෑය ඉදිකිරීමට සම්බන්ධ වූ සියලුදෙනාට ස්තුතිය පුද කළේය.

විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාන්විතයේදී ආබාධිත වු සාමාජිකයින්ට සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට වැටුප් සහ අනෙකුත් මුල්‍ය ප්‍රතිලාභ ලබාදීම සහ අවිවාහක රණවිරුවන්ගේ දෙමාපියන්ට මාසික දීමනාව ලබාදීම හරහා සුබසාධනය ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් හිටපු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙකු ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසත් මෙය යථාර්ථයක් කිරීමට හැකිවීම පිළිබඳව ජෙනරල් ගුණරත්න සතුට පළ කළේය.

පසුගිය දෙවසර තුළ අමාත්‍යාංශය සහ එහි විෂය පථය යටතේ ඇති ආයතන විසින් ගනු ලැබූ නිවාරණ ක්‍රියාමාර්ග හේතුවෙන් තරුණ තරුණියන් පීඩාවට පත් කළ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට හැකි වූ බව පවසමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තවාදී කණ්ඩායම් සහ පාතාල කල්ලි පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් අපගේ ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතාව තවදුරටත් ශක්තිමත් වී තිබීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි සුවිශේෂී ජයග්‍රහණයක් බවය.