මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම සඳහා අත්සන් කරන ලද ගිවිසුම වලංගු ගිවිසුමක් නොවේ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම සඳහා අත්සන් කරන ලද ගිවිසුම වලංගු ගිවිසුමක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 7 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයේ රාත්‍රී කඩිමුඩියේම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අයිඕසී ඉන්දියානු සමාගමට ලබා දීම සඳහා වන ගිවිසුම අත්සන් කරලා තියෙනවා.
 මීට කලින් කෙළවරපිටිය විදුලි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් නිව් ෆොර්ට්ර ස් එනර්ජි කියන ඇමරිකානු සමාගමට ලබා දීමටත් ලංකාවට එල්එන්ජී සැපයීම සඳහා වන පූර්ණ ඒකාධිකාරිය ඒ සමාගමට ලබා දීමටත් අදාළ ගිවිසුම මහරෑ අත්සන් කිරීමෙන් අනතුරුව.
 දැන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතින දෙයක් තියෙනවා ඉතාම වැදගත් ගිවිසුම් මහ රාත්‍රියේ  මිනිස්සු නිදාගෙන ඉද්දි වවුල්ලු බකමූණ විතරක් ඇහැරගෙන ඉද්දි අත්සන් කරන  පුරුද්දකට ගිහිල්ලා තියෙනවා.
 මේ ගිවිසුම් එකක්වත් ජනතාවට ඉදිරිපත් කරලා නෑ. මේ ගිවිසුම් ඉදිරිපත් කරල නෑ පාර්ලිමේන්තුවට. අඩුම ගානේ කැබිනට් මණ්ඩලයට වත් මේ ගිවිසුම් ඉදිරිපත් කරලා නෑ.

මේකට අදාලව ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු ගණනාවක් මතු කරනවා. ඒ මතු කරන කරුණු සියල්ලම වැරදියි.
  

1987 දී මේ ටික ඔක්කොම ඉන්දියාවට දීල තිබ්බ කියන එක වැරදියි. ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක් නෙමෙයි. මේ ගිවිසුම කවුරුහරි විසින් කඩ කළොත් කියන එක සම්බන්ධ කරුණු නෑ .

 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අ ත අබරවල තමයි මේකට අත්සන් ගත්තෙ කියලා එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මහ කොමසාරිස් වරයා විදියට හිටපු ජේ එන් ඩික්සිත් කොළඹ භූමිකාව කියලා ලියලා තියෙන පොතේ ඔහුම සඳහන් කරනවා අත අඹර වල තමයි අත්සන් ගත්තෙ කියලා.
 මේ ගිවිසුම දැන් කොහොමත් බලාත්මක නෑ. සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ ඉඳලා මේ ගිවිසුමේ කරුණු ගොඩක් දැන් උල්ලංඝනය වෙලා ඉවරයි. ඉතුරු ඔක්කොම කරුණු උල්ලංඝනය වෙද්දී තෙල් ටැංකි වලට අදාල කරුණ විතරක් උල්ලංඝනය නොවී තියෙනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කියද්දී ඒක සම්පූර්ණ විහිළුවක්.
 
කලින් ගිවිසුමට අදාළව ආරවුලක් ඇති වුනොත් ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ නීතියට අදාළව නමුත් මේ අලුත් ගිවිසුමේ කොහොමද තියෙන්නේ ආරවුල් නිරාකරණය සමථකරනය සම්පූර්ණයෙන් යන්නේ සිංගප්පූරුවට.
 ලංකාවේ නීතියට කිසිදු මැදිහත් කිරීමක් මේකට කරන්න බෑ.

 ගම්මන්පිල  ගෙම්බෙක් වගේ බක බක ගාන ටික විතරයි ජනතාවට පෙන්නලා තියෙන්නේ. මේ පිළිබඳ කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ බොරු කරලා තියෙන්නේ.
 අපි අහනව අක්කර 827 ක භූමි භාගයයි තෙල් ටැංකි අ නු නමය කුයි බදු දීමට අදාළ බදු ගිවිසුම කෝ
 අපිට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් තියෙනවා ඊයේ රෑ නීතිවිරෝධී ලෙස අත්සන් කරලා තියෙනවා කියලා බදු ගිවිසුම.
 මේ ඉඩමට අදාල බදු ගිවිසුමක් අත්සන් කරනවනම් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ඒ ගිවිසුමට අත්සන තැබිය යුතුයි. අපි දන්නා තොරතුරු වලට අනුව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය මේ ගිවිසුමට අත්සනක් තබලා නෑ. ඊයේ රෑ අත්සන් කරපු ගිවිසුම් වලංගු නෑ මේවා කිසිසේත් පිළිගන්න එපා කියලා අපි ජනතාවට කියනවා.
 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති සමාගමක කොටස් නිකුතුවක් සිද්ධ වෙනවා නම් ඒකට අදාල  ශෙයා හෝ ල්ඩින් ඇග්‍රිමන්ට්  අත්සන් කරන්න ඕනේ කොටස් විකිණීමට අදාළ ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ.
 එහෙම ගිවිසුමක් ජනතාවට සහ පාර්ලිමේන්තුවට පෙන්නලා නෑ වගේම අඩුම තරමේ කැබිනට් එකට වත් පෙන්නලා නෑ මෙතන තමයි හොරේ තියෙන්නෙ.
 
 කැබිනට් මණ්ඩලයත් නොමඟ යවලා තමයි මේකට අනුමැති අරගෙන තියෙන්නේ 2021.12.27 වෙනිදා බලශක්තිය අමාත්‍යාංශය ලේකම්වරියට ලිපියක් යොමු කරනවා නීතිපතිවරයා මේක අත්සන් කරල තියෙන්නෙ සංජය රාජරත්නම් මහතා නීතිපති නිල මැදිරියෙන් මේක යවන්නෙ. මේක පෙන්නුවද කැබිනට් එකට.
 මේක පෙන්නුවෙ නෑ කැබිනට් එකට. මේකෙ තුන්වැනි කරුණ ලෙස දාලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතර එක ජී වගන්තියට සම්පූර්ණයෙන් පටහැනියි මේ ගිවිසුමේ තියෙන 1.8 වගන්තිය මේ ගිවිසුමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති අන්තර්ගත කරගෙන තියෙනවා කියලා නීතිපති නිල මැදිරිය විසින් ලිපියක් යවලා තියෙනවා.
 ඊයේ රෑ අස්සන් කරපු ගිවිසුම මුළුමනින් පාවා දීමේ ගිවිසුමක්. නීත්‍යානුකූල නොවන අවලංගු ලියවිල්ල ක්‌.. ජනාධිපතිවරයා රුවන්වැලිසෑය ඉස්සරහ ගොත ගගහ හරි ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව උඩ අත තියලා තමයි දිවුරුවේ ඒක රකිනවා කියලා හැබැයි දැන් අත්සන් කරලා තියන ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා නීතිපතිවරයා ම පවසලා තියෙනවා.

 

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news