පසුගිය 2021 වසරේදී ගෝලීය ආහාර මිල ගණන් පෙර වසරට සාපේක්ෂව සියයට 28කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
එහි ආහාර මිල දර්ශකයේ සාමාන්‍යය 2021 වසරේදී 125.7ක් ලෙස සටහන් වූ අතර එය දශකයකින් වාර්තා වූ ඉහළම අගයයි. සියලු ආහාර වර්ගවල මිල ගණන් පසුගිය වසරේ දී ඉහළ ගිය අතර එළවළු තෙල් මිල සියයට 66කින් ඉහළ ගියේ මෙතෙක් පැවති ඉහළම අගය සළකුණු කරමිනි.
ධාන්‍ය මිල ගණන්ද සියයට 27කින් ඉහළ ගොස් ඇති අතර ඉරිඟු මිල සිඅයයට 44.1කින් ඉහළ ගොස් තිබේ. තිරිඟු මිල සියයට 31.3කින් ඉහළ ගොස් ඇති බව ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය පවසයි.
මීට අමතරව මස් වර්ගවල මිල ගණන් සාමාන්‍යයක් ලෙස සියයට 12.7කින්ද කිරි නිෂ්පාදන මිල ගණන් සියයට 16.9කින්ද ඉහළ ගොස් තිබේ.