22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනියි

ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා අටමස්ථානාධිපති නාහිමියන් සමග සාකච්ජා කළේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් ‍පෙළ විභාගවලට පෙනී සිටින දරුවෝ විශාල පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර, ජනාධිපතිතුමා ඔවුන්ගේ විභාග කටයුතුවලට ආශිර්වාද පළ කළේය.

පැමිණි සිටි ජනතාව ජනාධිපතිතුමා දැක බලා ගැනීමට සහ ජනාධිපතිතුමා සමග කතාබහ කිරීමට විශාල උනන්දුවක් දැක්වූ අතර, ජනාධිපතිතුමා ද ඔවුන් සමීපයට ගොස් තොරතුරු විමසා බැලීය.

රුවන්වැලි මහා සෑ පුදබිමට ඊයේ (07) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පල්ලේගම හේමරතන හිමියෝ උන්වහන්සේ රචිත ගීත ඇතුළත් ග්‍රන්ථයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

අනතුරුව සෑ රඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් නව වසරට සෙත් පතා පුදබිමේ සිදු කළ ආශිර්වාද පූජාවට ද එක් විය. ඊයේ දිනයේ රුවන්වැලි මහා සෑ පුදබිමට විශාල ජනතාවක් රැස්ව සිටි අතර, ජනාධිපතිතුමා ඔවුන් සමග ද කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.