29 C
Colombo
Monday, May 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsණය ගෙවන්න යද්දි එපා කියනවා - මහ බැංකු අධිපති

ණය ගෙවන්න යද්දි එපා කියනවා – මහ බැංකු අධිපති

ජනවාරි 22 වැනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සූදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි. 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආනයනයන් ඩොලර් බිලියන 21.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2020 වර්ෂයේදී එය ඩොලර් බිලියන 16.1ක් සහ 2019 වර්ෂයේදී එය ඩොලර් බිලියන 19.9ක්ව තිබූ බව එම ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.