30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා රට පරිහානියට පත්වුණා

රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා රට පරිහානියට පත්වුණා

අද සියලු ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළට ඇදවැටී ඇති බවත් බරපතළ අර්බූදයක රට ගිලී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චිය පැවති ජන හමුවකට එක් වෙමිනි.

ආණ්ඩුව පත් වූ සැනින් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූ බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්ත්වයකට රට පත්ව ඇතැයිද පැවසීය.