― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළ සේවකයෝ වැඩිපුර 25000ක් ඉල්ලයි

ගුවන්තොටුපොළ සේවකයෝ වැඩිපුර 25000ක් ඉල්ලයි

කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (11) සේවක හමුවක් පවත්වමින් රුපියල් 25,000ක වැටුප් වැඩිකිරීමක් ඇතුළුව කරුණු 11ක් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එම කරුණු ගුවන්තොටුපොළ පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

එම ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් ලබන සතිය තුළ නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම සංගමයේ සභාපති එම්. ඩබ්. ඩී. මුහන්දිරම් පවසයි.

ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට මත්තල ගුවන්තොටුපොළ පිරවුම් හල් රැක ගැනීම, ගුවන්තොටුපොළ රථගාල යළි ලබාගැනීම වැනි කරුණු කිහිපයක්ද ඇතුළත්ය.