26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාංකිකයින්ට ලිබියාවේ රැකියා අවස්ථා

ලාංකිකයින්ට ලිබියාවේ රැකියා අවස්ථා

පුහුණු ශ්‍රී ලාංකිකයින්ට ලිබියාවේ රැකියා අවස්ථා ලබාගත හැකි බව ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් පවසයි.

මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්වී ඇති බවත් රට තුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්‍රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා එරට රැකියා අවස්ථාවන් ලබාගත හැකි බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා අතර පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබුණි.