27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව ප්‍රථම වරට ඌරු හදවත් බද්ධයක්

ලොව ප්‍රථම වරට ඌරු හදවත් බද්ධයක්

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීමේ පුදුම සහගත පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

ජානමය වෙනස්කම්වලට ලක්කළ ඌරෙකුගේ හදවතක් මෙලෙස බදධ කිරීමට ලක් කර ඇත. බෝල්ටිමෝර් ප්‍රදේශයේ ඩේවිඩ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකුට බද්ධ කර ඇති අතර ශල්‍යකර්මයෙන් දින 3 කට පසුවද ඔහු නිරෝගී සුවයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දීර්ඝ කාලීනව ඔහුගේ පැවැත්ම පිළිබදව තීරණය කළ නොහැකි බව වෛද්‍යවරුන් පවසන අතර මොහුට ඌරෙකුගේ හදවතක් බද්ධ කර ඇත්තේ එලෙස හදවත් බද්ධ කිරීමක් සිදු නොකළහොත් මොහු මියයාමට ඉඩ තිබීම හේතුවෙන් බව සදහන්ය.

එනිසා ඌරු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇමෙරිකානු වෛද්‍ය නියාමනයේ විශේෂ අනුමැතියක් හිමිව තිබේ. මෙය ලොව පුරා හදවත් ඇතුලු අවයව බද්ධ කිරීමට අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන්ට සුවදායි පුවතක් ලෙස උපක්ල්පනය කළ හැකිය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මෙලෙස බද්ධ කිරීමට හදවතක් නොමැතිවීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියයන අතර පොරොත්තු ලේඛනයේ සිටින සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.