ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ.
එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි. පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ආදායම 200% කින් පමණ ඉහළ ගොස් ඇති අතර පූර්ව වසංගත මට්ටම සසඳන විට එය ආදායම 80% ඉක්මවා යාමකි. තවද ගුවන් සමාගම 2021 දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප්‍රවාහන මට්ටමින් (airline transportation level ) USD මිලියන 11.43 ක ලාභයක් වාර්තා කර තිබේ.එය වසර 20කට වැඩි කාලයක් තුළ ගුවන් ප්‍රවාහනයෙන් වාර්තා වූ ඉහළම ලාභය වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාසයක් තුළ ගුවන් ගමන් 800 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර මුළු මගීන් 228,203 ක් ප්‍රවාහනය කර ඇත. 2020 දෙසැම්බර් මාසයේදී ගෙන යන ලද මගීන් සංඛ්‍යාව මෙන් 13 ගුණයකට වඩා වැඩිය.